කොළඹට හෙට පැය 15ක් වතුර නෑ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට(08) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට පස්වරු 02.00 සිට පසුදින එනම් 09 වන දින අළුයම 05.00 කාලය තුළ අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර සහ බණ්ඩාරනායකපුර යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.


ඊට අමතරව රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.