යෝනිය පිළිබඳ මෙතෙක් නොදැන සිටි කරුණු 10 මෙන්න

සෑම පුද්ගලයෙක්ම තමාගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය ගැන මූලික කරුණු වලින් දැනුවත් වී දළ අදහසක් ගත යුතු වනවා. විශේෂයෙන්ම කාන්තාවන්, කාන්තාවකගේ යෝනිය තුල විවිධාකාරයේ විවිධ ක්‍රියාවන් සිදුවනවා. ඒ වගේම, සෑම කාන්තාවක්ම මේ දේවල් මේ විදිහට සිදුවන්නේ ඇයි කියන එක හොඳින් දැනුවත් වන්න අවශ්‍යවනවා. කාන්තාවක් ලිංගික සංසර්ගයකදී වඩාත් තෘප්තිමත් වන්නේත් කාන්තාවකට දරුවෙකු බිහිකිරීමට උපකාර වන්නේත් යෝනියයි.ඉතින් මේ කරුණු නිසාම තමයි ගැහැණු දරුවෙක් නව යොවුන් වියට පත්වීමේ සිටම තම ශරීරය පිළිබඳව නිසි අධ්‍යාපනයක් ලැබිය යුතු වන්නේ.

අද අපි මේ ලිපිය මගින් ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ යෝනිය පිළිබඳ සිත් ඇදගන්නා සුළු කරුණු 10 ක් පිළිබඳවයි..

01 සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලය අහිමි වනවා.

ඔබ මීට පෙර මේ පිළිබඳව අසා තිබෙන්නට පුළුවන්. සමහර කාන්තාවන් කන්‍යා පටලයක් රහිතව උපත ලබනවා. සංසර්ගයේ එක්වීමෙන් හෝ වෙනත් හේතූන් නිසා කන්‍යා පටලය කැඩී යන නිසා කන්‍යා පටලය එතරම් වැදගත් වන්නේ නෑ. කන්‍යා පටලය නොමැතිව ඉපදීමත් කිසිම රෝගී තත්වයක් නොවෙයි.

02 කාන්තාවකගේ භගමනියේ “clitoris” 8000කට අධික ස්නායු අග්‍ර ප්‍රමාණයක් පිහිටනවා.

කාන්තාවකගේ ලිංගික සංවේදීතාවය වැඩිම ප්‍රදේශය ලෙස යෝනි මුඛයේ ඉහළට වන්නට පිහිටි භගමනිය සැලකෙනවා. සාමාන්‍යයෙන් පිරිමියෙකුගේ ශිෂ්නයේ සංවේදී ස්නායු අග්‍ර 4000 පමණ පිහිටනවා. නමුත් කාන්තාවකගේ භගමනියේ සංවේදී ස්නායු අග්‍ර 8000 පමණ පිහිටනවා.

03 කාන්තාවකගේ යෝනියට ප්‍රමාණය විශාල කරගන්නට පුළුවන්.

කාන්තාවක් ලිංගික සංසර්ගයේ එක්වන විට පුරුෂ ලිංගයට ඇතුළු වන්නට අවශ්‍ය වන ප්‍රමාණයෙන් යෝනි මාර්ගය විශාල වුවත්, මේ සඳහා හොඳම උදාහරණය වන්නේ දරුවෙකු බිහිකිරීමේ දී යෝනි මාර්ගය හරහා දරුවාට පැමිණීමට යෝනියේ ප්‍රමාණය විශාල වීමයි.

04 යෝනිය විසින් කලාතුරකින් පුරුෂ ලිංගය යෝනිය තුල සිරකර ගනු ලබනවා.

මෙය අසූසැණින් ඔබේ මුවට සිනහවක් එන්නට පුළුවන්. පුරුෂ ලිංගය යෝනියට ඇතුල් කළ පසු යෝනිය හැකිලීම නිසා පුරුෂ ලිංගය යෝනිය තුල සිර වනවා. මෙය කලාතුරකින් සිදුවන සත්‍ය සිදුවීමක්. මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් යුවලකට මෙය නැවත සකස්කර ගැනීමට වෛද්‍යවරයෙකු මුණගැසෙන්න සිදු වනවා.

05 යෝනිය විසින්ම පිරිසිදු කරගැනීමේ ක්‍රියාවලියක් සිදුකරගනු ලබනවා.

යෝනිය තුල විවිධ තරලයන් සහ විවිධ ශ්‍රාවයන් නිකුත් කරන ග්‍රන්ථි තිබෙන නිසා මෙයත් යෝනිය තුල සිදුවන තවත් සිදුවීමක්. යෝනිය නිසියාකාරව පිරිසිදු නොවුණු විට කලාතුරකින් ආසාදන තත්වයක් ඇතිවන්නට පුළුවන්.

06 ඇතැම් විට සමහර කාන්තාවන්ට කෙදිනකවත් සුරාන්තයට ලගාවන්නට ලැබෙන්නේ නෑ.

මෙය ඇත්ත වශයෙන්ම සෞඛ්‍යය ගැටළුවක්. මේ කරුණ පිටුපස විශාල හේතු ප්‍රමාණයක් තිබෙනවා. උදාහරණයක් ගමු. විශාල යෝනි මුඛයක් සහ කුඩා භගමනියක් ඇති කාන්තාවක් ලිංගිකව උත්තේජනය කර සුරාන්තයට පත්කිරීම ඉතා අපහසු ක්‍රියාවක්. ඇතැම්විට මෙවන් කාන්තාවකට සුරාන්තයට පත්වන්නට ලැබෙන්නේ නෑ.

07 දුර්වල වූ ගර්භාෂය යෝනිය විසින් ගිලගන්නවා.

ගර්භාෂය දාරා සිටින මාංශ පේශී වල ඇතිවන දුර්වලතාවයන් නිසා ගර්භාෂය පහළ බැසීම සිදුවනවා. මේ තත්වය ඇති වූ කාන්තාවකට කිවිසුම් යෑම සහ කැස්ස ඇතිවීමේ දී යෝනිය පෙදෙසට යමක් පහළ බසිනවා සේ දැනෙන්නට පුළුවන්. මේ තත්වයේ පසු අදියරේදී ගර්භාෂය යෝනිය අසලට පැමිණෙනවා. ගර්භාෂය පහළ බැසීම ඇති වූ කාන්තාවකට මේ තත්වය සුවකරගන්න නම් සැත්කමකට යොමුවන්නට සිදුවනවා.

08 යෝනි මාර්ගය තුල සංසර්ගයේ යෙදීමෙන් යෝනිය ලිහිල් වන්නේ නෑ.

මෙය කා අතරත් ජනප්‍රිය මතවාදයක්. නමුත් මෙහි කිසිම සත්‍යයක් ඇත්තේ නෑ. යෝනි මාර්ගය තුල කෙතරම් සංසර්ගය සිදුකලත් යෝනිය ලිහිල් වන්නේ නෑ. ඔබ නිතරම සංසර්ගයේ යෙදෙනවානම් යෝනිය විසින් ලිහිස්සි ශ්‍රාවයන් නිකුත් කලත් යෝනිය ලිහිල් වන්නේ නෑ. ඇත්ත වශයෙන්ම යෝනිය රබර් පටියකට සමානයි. යෝනිය කෙතරම් පළල් වුවත් එය තිබූ හැඩයටම නැවතත් පත්වනවා.

09 යෝනියේ pH අගය සහ වයින් වල pH එකිනෙකට සමානයි.

වයින් වල සාමාන්‍ය pH අගය 3 සිට 4 දක්වා අගයක් ගනු ලබනවා.(මෙය වෙනස් වන්නේ වයින් වර්ගය අනුවයි). ඒ වගේම, මේ pH අගය යෝනියේ pH අගයට ආසන්න වශයෙන් සමාන වනවා.

10 යෝනියේ ක්‍රියාකාරීත්වය මගින් ඔබටම ඔබේ දරු ඵල විනිශ්චය කළ හැකියි.

කාන්තාවකගේ ආර්තව චක්‍රයේ ඩිම්බ මෝචනය වන සමය ආරම්භ වන්නේ චක්‍රයේ 14 වන දිනයේදී ය. මේ දිනය වනවිට යෝනියෙන් සුදු පැහැති ඇලෙන සුළු ශ්‍රාවයක් පිටවනවා. දරුඵල අපේක්‍ෂා කරන ඔබ මෙය නිරීක්‍ෂණය කරනවා නම් ඔබට ඉදිරි දින තුන හෝ හතර ඇතුලත සාර්ථකව ගැබිනියක් වන්නට පුළුවන්.

හෙල්ත් ටිප් පරිවර්තනයක් ඇසුරෙන්