සිල් රෙදි බෙදා දීම ගැන මහින්ද පහදයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රෙදි නඩුව සම්බන්ධයෙන් නිවේදනයක් මගින් කරුණු පැහැදිලි කර තිබේ. පාසල් නිල ඇඳුම් මෙන්ම සිල් රෙදි ද බෞද්ධ බැතිමතුන්ට පොදුවේ බෙදා දෙනු ලැබූ රාජ්‍ය ආධාරයක් බව එහි සඳහන්ය.

එහි මෙසේ ද සඳහන්ය

“පාසල් නිල ඇඳුම් ව්‍යාපෘතිය යටතේ නිල ඇඳුම් බෙදා දෙන්නේ ද අවුරුද්දේ අවසානයට වන අතර ඡන්දයක් තිබුණත් එය නැවැත්විය නොහැක. ඡන්දයක් පවතින අතර පාසල් නිල ඇඳුම් බෙදා දීමෙන් ඡන්දයේ ප්‍රතිඵලය වෙනස් වීමට ඉඩ තිබෙනවා යැයි කිසිවෙකුවත් කියන්නේ නැත.මෙම සිල් රෙදි ද පාසල් නිල ඇඳුම් මෙන්ම බෞද්ධ බැතිමතුන්ට පොදුවේ බෙදා දෙනු ලැබූ රාජ්‍ය ආධාර විය. මේ සිල් රෙදි ව්‍යාපෘතිය සඳහා ද යොදාගනු ලැබුවේ ආණ්ඩුවේ පාසල් නිල ඇඳුම් ව්‍යාපෘතියේ පුද්ගලික සැපයුම්කරුවන්ම බවද සැලකිය යුතුය. වැඩිහිටියන්ට පමණක් නොව පෝය දිනවල සිල් ගන්නා දහම් පාසල් සිසුන්ට ද සිල්රෙදි ලබාදෙනු ලැබීය.”