තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මතයි

පළාත් පාලන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 44ක් පමණි.

එක් මන්ත‍්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේය.