බැසිල්ගෙන් සල්ලි ගත් ඇමැතිවරුන් හෙළි වෙයි

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගෙන් මුදල් ලබා ගන්නා ඇමැතිවරුන් පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් ජනාධිපතිවරයාට ලැබී තිබේ.

පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයාට සමීප ඇමැතිවරුන් පිරිසක් මේ තොරතුරු ජනාධිපතිවරයාට ලබා දී ඇත. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ තොරතුරු ලබාදීමෙන් පසු ජනාධිපතිවරයා දැඩි තීන්දු රැසක් ගැනීමට තීරණය කර ඇති බවයි. එයින් පළමු තීන්දුව ලෙස අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය ඇමැතිවරයා ඉවත් කිරීම සිදු කළ බව ද අදාළ ආරංචි මාර්ග පවසයි.

මේ අතර ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ කටයුතුවලට එකතු වීමට කැමැති පිරිස දැන්ම ඉවත් වන ලෙසයි. නැත්නම් තමන්ට දැඩි තීන්දු ගැනීමට සිදු වන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.