මැතිව්ස් ආයෙත් ලෙඩවෙලා !

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට පාකිස්තාන කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අහිමිවෙනු ඇති බව වාර්තා වේ.

ඒ පාකිස්තාන තරගාවලියට පුහුණුවීම්වල යෙදෙමින් සිටියදී ඔහු අද (20) ආබාධයකට ලක්වීම නිසාය.

මැතිව්ස් බත්කෙණ්ඩේ ආබාධයකට ලක්ව ඇති බවද වාර්තා වේ.

පාකිස්තාන කණ්ඩායම සමග ශ්‍රී ලංකාව ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිත අතර එහි පළමු තරගය අබුඩාබි ශෙයික් සායිඩ් ක්‍රීඩාංගණයේදී එළැඹෙන 28 වැනිදා ආරම්භ වේ.