ඉරාජ් කීයක්හරි හොයාගත්තට ඉරිසියා කරන්න එපා !


පැය විසිහතරක් තුළ මිලියනයක් බැලූ තම වීඩියෝවේ ජනතාව දුටු කොටස වන්නේ චීස් සොසේජස් හා කෙසෙල් ගෙඩිය බව ජනප්‍රිය ගායක ඉරාජ් වීරත්න සිය ෆේස්බුක් පිටුවට සටහනක් යොදමින් දක්වා තිබේ.මෙහිදී ද මියුසික් ගැන කතා නොකරන ඉරාජ් කතාකර ඇත්තේ මියුසික් වීඩියෝවේ දර්ශන ගැනය.අදාළ සටහන තුළින් ඉරාජ් සංගීත කාරයකු නොවන දෘෂිඨි මායාකාරයෙක් බව නැවත වරක් ඔප්පු කර ඇති බව සංගීත ප්‍රවීනයන්ගේ මතයයි.

කෙසේවුවද, ඉරාජ් ලිංගිකත්වය මාකට් කරන්නේ කීයක් හරි සොයා ගැනීමට බවත්, ඊට ඉරිසියා කිරීම අත්හැර එය අවබෝධකර ගෙන ඔහුගේ බාල බඩු පරිහරණය නොකිරීම සංගීත විඥානය ඇත්තවුන්ගේ වගකීම බව අදාළ සංගීත ප්‍රවීනයා අප සමඟ කියා සිටියේය.

ඉරාජ් සිය ෆේස්බුක් පිටුවට යෙදූ සටහන පහත දැක්වේ.

පැය 24ක් වෙන්න කලින් මිලියනයකට ආසන්න Youtube එකේ ලංකාවෙන් වැඩිම පිරිසක් බලපු මේ Music Video කේ චීස් සොසේජස් කෙසෙල් ගෙඩි දැක්ක අපේ රටේ මිනිස්සුන්ට මේ දර්ශනය මිස්වුනා...

මේ Music Video එක කාටවත් මඩ ගහන්න හදපු Music Video එකක් නොවේ.අද ලංකාවේ බහුලව වෙන දෙයක් මේක.

මේ බෞද්ධ රටේ ගොඩක් ළමයි තමාගේ දෙමාපියන්ව පාරට දාලා හෝ සමහර විට බලුකූඩුවේ දානවා.

වයසට ගියාම කාත්කවුරැත් නැත්නම් බලාගන්න Music Video එකේ කතාව වගේ බලාගන්න කෙනෙක් හොයා ගත්තාට කිසිම වරදක් නෑ...

රටේ පහුගිය දවස් වල අපේ එක්තරා කලාකරැවෙක්ට ලොකුවට Media වල සහ Social Media වල මඩ ගැහුවා සංස්කෘතියට පටහැනිව අවුරැදු 32කේ තරැණියක්ව විවාහ කරගත්තා කියා.

අද රටේ තරැණ කොල්ලෝ කෙල්ල එක්ක තරහ වුනාම කෝච්චියට බෙල්ල තියාන හෝ බෙල්ලේ වැල දාගෙන මැරණ රටේ ඒ කලාකරැවා කරපු දේ කිසිම වරදක් නෑ සහ තරැණ අපිට හොද ආදර්ශයක්...

ඒ මගේ මතේ ?
Music Video එකට කැමති නැත්තම් බලන්න එපා Youtube එකේ තවත් බොහෝ ඉන්දියානු බහුබූත මෙගා නාටක තියනවා ඒවා බලන්න.

තව දෙයක් අමතක වුනා...😄
අද ගෑස් වැඩිකරලා

ඉරාජ්ගේ සංගීත දිවියට ආධාර පිනිස කැමැති නම් වීඩියෝව සොයාගෙන නරඹන්න..

ඔහු YouTube හරහා උපයන මුදල් ප්‍රමාණය ආසන්න වශයෙන් පහත දැක්වේ.