චාමර සිල්වාට වසර දෙකක් ක්‍රිකට් තහනම්

පානදුර ක්‍රීඩා සමාජය හා කලුතර ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයේදී තරග පාවාදීම වරද කරුවන් වීම හේතුවෙන් එම ක්‍රීඩා සමාජ දෙකේ නායකයන්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව මනෝජ් දේශප්‍රිය (කලුතර ක්‍රීඩා සමාජය) හා චාමර සිල්වා (පානදුර ක්‍රීඩා සමාජය) යන ක්‍රීඩකයින්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම හා පරිපාලනය යන සියල්ලම තහනම් වෙයි. ඊට අමතරව තවත් විනය ක්‍රියාමාර්ග හතරක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.