මෛත‍්‍රී වෙනුවෙන් ට‍්‍රම්ප්ගෙන් භෝජන සංග‍්‍රහයක්


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වැනි මහා සමුළුවට සහභාගී වීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන වෙනුවෙන් ඊයේ (19) එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් රාත‍්‍රි භෝජන සංග‍්‍රහයක් පැවැත්වීය.

ජනාධිපතිවරුන් දෙදෙනාගේ ආර්යාවන් වන මෙලනියා ට‍්‍රම්ප් සහ ජයන්ති සිරිසේන ද එම අවස්ථාවට එක් වූහ.

භෝජන සංග‍්‍රහය අතරතුරදී නායකයින් දෙදෙනා සුහද කතා බහක නිරත වූ අතර, ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙසින් පත් වීම පිළිබඳව සිරිසේන මහතා තම සුබපැතුම් ට‍්‍රම්ප් මහතාට පිරිනැමීය.

ස්වභාවික ව්‍යසන හේතුවෙන් ඇමෙරිකාවට පසුගියදා සිදු වූ හානිය සම්බන්ධයෙන් ඔහු තම කණගාටුව පළ කළේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පැවසූයේ, ශ‍්‍රී ලංකාව සුන්දර රටක් බවත්, ජනාධිපති සිරිසේන යටතේ ශී‍්‍ර ලංකාවේ පැහැදිළි පරිවර්තනයක් සිදුව ඇති බවත් ය.

ශී‍්‍ර ලංකාවේ ඉදිරි කටයුතු සඳහා හැකි සෑම සහායක්ම ලබා දෙන බවත් ඔහු පැවසීය.