ජනිත් එක්ක නටන තෙරුණි -Video

රියලිටි තරු මාවතේ පැමිණි ජනප්‍රිය ගායන තරුවක් වන ජනිත් ඉද්දමල්ගොඩ විසින් එළිදැක් වූ ‘දුටු දා’ ගීතය මේ වනවිට ජනප්‍රියත්වයට පත්ව තිබේ.

අද නිර්මාණය වී ඇති කාලීන විරහ රැල්ලෙන් ඔබ්බට ගිය ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය. වේග රිද්මයට අනුව නිර්මාණය වූ මෙම ගීතය සැමගේ ආදරය දිනා ඇති අතර, මියුසික් වීඩියෝවටද බොහෝ දෙනාගේ ප්‍රතිචාර හිමිවී තිබේ. ‘තෙරුණි’ ලෙස ප්‍රසිද්ධියට පත් මනීෂා චංචලා මෙහි නර්තනයෙන් දායක වී තිබේ. මෙම වීඩියෝව පිළිබඳව සමාජ වෙබ් අඩවි ඔස්සේ බොහෝ දෙනාගේ කතාබහටද ලක්ව තිබේ.

Youtube ජාලය ඔස්සේ Trending බවට පත්වීමට නිර්මාණය කරන වීඩියෝ අතර මෙවැනි මියුසික් වීඩියෝ අභියෝගයක් බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. කෙසේ වුවත් අද ඇති නිර්මාණ කලාව තුළ මෙවැනි නිර්මාණයක් සිදු කිරීම පිළිබඳව සැමගේ ධනාත්ම ප්‍රතිචාර ලබාගැනීමට ජනිත් ඉද්දමල්ගොඩට මෙතුළින් හැකිවී තිබේ.

එළිදැක් වූ දිනය - 2017 ජූලි 21
ගායනය - ජනිත් ඉද්දමල්ගොඩ
පදරචනය - අමිල ආර්. නන්දසේන
සංගීතය - නිමේෂ් කුලසිංහ