උසේන් බෝල්ට්‌ වැටෙයි

සිය ක්‍රීඩා දිවියේ අවසන් තරග ඉසව්ව වූ 4*100 ඉසව්වේ අවසාන මීටර් 100 ධාවනයේ යෙදුණු උසේන් බෝල්ට්‌ තරගය අතරතුරදී පාදයේ මස්‌පිඬු ආබාධයකට ගොදුරු වීම හේතුවෙන් ජැමෙයිකා පිලට අදාළ තරගය අවසන් කිරීමට නොහැකිවිය.

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 සහ 4*100 ඉසව්වන් ද්විත්වයෙන්ම රන් පදක්‌කම් දිනා ගනිමින් සිය ක්‍රීඩා දිවිය නිමා කිරීමට බෝල්ට්‌ අපේක්‌ෂාවෙන් පසුවූ නමුත් ඔහුට මීටර් 100 ඉසව්වෙන් දිනා ගැනීමට හැකි වූයේ ලෝකඩ පදක්‌කමකි.

බෝල්ට්‌ සිය ක්‍රීඩා දිවියෙන් සමුගන්නා විට ඔලිම්පික්‌ රන් පදක්‌කම් 8 ක්‌, ලෝක ශූරතා මලල ක්‍රීඩා රන් 11 ක්‌, රිදී 2 ක්‌ සහ මෙම වසරේ හිමිකරගත් ලෝකඩ පදක්‌කම සමගින් පදක්‌කම් 22 ක්‌ සිය නාමය ඉදිරියේ සටහන් කරගෙන තිබුණි.

කෙසේ නමුත් 4*100 ඉසව්වේ රන් පදක්‌කම සත්කාරක එංගලන්තයටත් (තත්. 37.47), රිදී පදක්‌කම ඇමරිකාවටත් (තත්. 37.52), ලෝකඩ පදක්‌කම ජපානයටත් (38.04) හිමි විය.

දිගුදුර ශූරී µdරා දෙවැනි තැනට

මීට අමතරව මෙම තරගාවලියෙන් අනතුරුව ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට නියමිත මෝ µdරා මීටර් 5000 ඉසව්වේ දෙවැනි තැනට (විනාඩි 13.33.22) පත්වීමද විශේෂත්වයක්‌ බවට පත්ව තිබේ. එහි ප්‍රථම ස්‌ථානය ඉතියෝපියාවේ මුක්‌තව් එඩ්රිස්‌ට (විනාඩි 13.32.79) හිමි වූ අතර තෙවැනි ස්‌ථානය ඇමරිකාවේ කිප්කෙමොයි චෙලිමෝට (විනාඩි 13.33.30) හිමි විය.

හෙතෙම මීටර් 10,000 සහ මීටර් 5000 යන ඉසව්වන්ගේ ඔලිම්පික්‌ ශූරයාවන අතර මෙම තරගාවලියේ මීටර් 10,000 ඉසව්වේ රන් පදක්‌කම දිනා ගැනීමට ඔහුට හැකි විය.