චාල්ස්‌ට ඔටුන්න අහිමි වෙයි... රජකම විලියම්ට

මහා බ්‍රිතාන්‍යයේ අනාගත රජු ලෙස විලියම් කුමාරයා නම් කරනු ලැබ ඇති බවත්, ඒ අනුව චාල්ස්‌ කුමාරයාට රජ කිරුළ අහිමි වන බවත්, එංගලන්තයේ ලයිෆ් ඇන්ඩ් ස්‌ටයිල් සඟරාව වාර්තා කරයි. ඉහත සඳහන් පත්කිරීම සිදුකර ඇත්තේ එළිසබෙත් මහ රැජින විසින් බවද එම සඟරාව තවදුරටත් කියයි.

"එළිසබෙත් මහ රැජින විලියම් කුමරු සහ කේට්‌ කුමරියගේ අනාගතය පිළිබඳ කල්පනා කොට ඇත. පුරා අවුරුදු 65 ක්‌ තිස්‌සේ රජකම පිළිබඳ තමන් පිළිබඳ අත්දැකීම් සලකා බැලූ මහ රැජිනගේ මේ තීරණය අනුව බ්‍රිතාන්‍යයේ අනාගත රාජකීය කුමරිය වන්නේ කේට්‌ කුමරිය යෑයි ඒ සඟරාව සඳහන් කරයි. සඟරාව විසින් තවදුරටත් පෙන්වාදෙන පරිදි 91 හැවිරිදි මහ රැජින විසින් විලියම් කුමරු රජකමට පත්කිරීම සඳහා ගන්නා ලද තීරණය විප්ලවීය එකක්‌ බව එම සඟරාව පෙන්වා දෙයි.
විලියම් කුමරු දැනට 35 හැවිරිදි වියේ පසුවන අතර ඔහුගේ පියා වන චාල්ස්‌ කුමරුගේ වයස අවුරුදු 68 කි. මහ රැජිනගේ තීරණය නිසා විලියම් කුමරු සහ චාල්ස්‌ කුමරු අතර නොමනාපයක්‌ පැන නැඟී ඇති නමුදු එය ක්‍රමයෙන් යටපත් වන බවද එම සඟරාව පවසයි. කෙසේ වුවද ලයිෆ් ඇන්ඩ් ස්‌ටයිල් සඟරාව පළ කරන මේ පුවත තවත් මාධ්‍ය කිහිපයක්‌ මගින් මතභේදයට ලක්‌කර ඇත. එවැනි පත්කිරීමක්‌ මහ රැජින කර නොමැති බව එකී මාධ්‍ය සඳහන් කරයි.