පොලිස්පති පුද්ගලයෙක්ට පහර දෙන වීඩියෝවක් එලියට

ශ්‍රී ලංකාවේ පොලිස්පති පූජිත ජයසුන්දර නමැත්තා තම පුද්ගලික ව්‍යාපෘතියක් වූ උදෑසන 8.30 සිට 8.45 දක්වා පොලිසියේ සියළුම දෙනා ‘භාවනා කල යුතුය ‘ යන ඔහුගේ නියමය කඩකළ පොලිස් මූලස්ථානයේ අන්‍ය ආගමික අයට 2017 අප්‍රේල් 11 වෙනිදා පහර දුන් බව මාධ්‍ය වාර්තා පසුගිය කාලයේ සඳහන් කර තිබුනා.

ඒ පූජිත ජයසුන්දර එදින පහර දුන් අය අතර මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් ස්ථානාධිපති ‘ලුඩොවයික්‘ නමැති බර්ගර් ජාතික පොලිස් නිලධාරියා ද වූ අතර ඔහුට එහිදී ඇතිවූ කම්පනය නිසා රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දීමට ද සිදුවිය. ලුඩොවයික්ට අමතරව එදින පොලිස් මූලස්ථානයේ ලිෆ්ට් ඔපරේටර් වරයා වූ එම්. සමරකෝන් බණ්ඩා නම් සිවිල් සේවකයෙකුට ද ‘භාවනා‘ නොකලා කියා පොලිස්පතිවරයා විසින් කොරලයෙන් ඇද පහර දුන්නේය. ‘භාවනා‘ නොකළා කියා පොලිස් මූලස්ථානයේ විමසීම් අංශයේ නම්බුකාර නිලධාරිනියකටද ‘මං උඹවත් දූෂනය කරනවා‘ යි තර්ජනය කළ බවත් සඳහන්.

මෙවන් අයට ශිෂ්ඨාචාරගත රටක පොලිස්පතිධූරයක් ලබා දී නිහඬව සිටින්නේ කවුද?

අඩුම වශයෙන් පහත දැක්වෙන වීඩියෝව බලා හෝ ඔවුන්ගේ ශිෂ්ඨවන්ත හෘද සාක්කිය අවදි විය යුතුය. මිනිසුන් කුලප්පු වුවහොත් මෙවැනි අයගේ වලිප්පුව සුව කළ හැකි බව ‘මිනිසුන්ගේ හෘද සාක්කිය‘ තම පපුවට අත තියා සාක්ෂාත් කර ගත යුතුය.

වීඩියෝව පහතින්
Related Posts Plugin for WordPress, Blogger...