උදාවන සතියේ ඔබේ දෛවය


මේෂ – බාධා මැද දියුණුව
පවත්නා ග්‍රහගෝචර තත්ත්වයන් තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගත හැක්කේ බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේය. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම්ම අයහපත් නොවේ. විටෙක වියදම් පක්ෂය තරමක් ඉහළ යනු ඇත. ගෙදරදොර කටයුතු සාමාන්‍ය වේ. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල නියුක්තව සිටින අයට ස්වකීය උත්සාය සහ කැපවීම් තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම්වන්න.
ජය වර්ණය රතු ජය අංකය : 09

වෘෂභ – කල්පනාකාරී විය යුතුයි
දැනට පවත්නා ග්‍රහ ගෝචරයන් ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතවලදී ඉතාමත් කල්පනාකාරීවද බුද්ධිමත්වද ක්‍රියාකළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතාවන් ඉස්මතු කළ හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් මිශ්‍රපලයි. ආදායම් ලැබුණද විවිධ හේතූන් ඉස්මතු වීම නිසා වියදම් පක්ෂය පාලනය කරගැනීම අසීරුවේ. ගෙදරදොර කටයුතු සහ හවුල් කටයුතුවලදී ද විටින් විට බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතුවීම නිසා විමසිලිමත්ව ක්‍රියාකළ යුත්තේය. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවන්න. අධ්‍යාපන කටයුතුවලදී යම් යම් පසුබෑම්වලට ඉඩ පවතින නිසා ප්‍රවේශම් වන්න. තමාගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය: නිල් ජය අංකය : 6

මිථුන – මිශ්‍රපලයි
යම් යම් ප්‍රමාදතා ඇතත් වෘත්තීය වශයෙන් හිතමිත්‍රයන් රාශියක් ආශ්‍රයට ලැබේ. කෙසේ වුවත් අන්‍යයන් සතුටු කිරීමට වැඩ කරන්නට ගොස් තමාම රැවටීමට සිදුවිය හැකි නිසා කල්පනාකාරීවන්න. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ප්‍රවේශම් විය යුතුය. ආදායම් ලැබිම අතින් අයහපත් නැත. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග උදාකර ගතහැකි වුවත් වියදම් පක්ෂය පාලනය කිරීම අපහසුවේ. ගෙදර දොර කටයුතු යුග දිවිය සම්බන්ධ කටයුතු යහපත් වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් උදාකරයි. සමාජීය කටයුතුවලට අවධානය යොමුවේ. ගුප්ත ශාස්ත්‍රීය කටයුතුවල යෙදී සිටින අයට විශේෂ ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයක්ද වේ. ආගමික අංශයට නැඹුරුවී ක්‍රියා කිරීම තුළ සහනයක් සැනසීමක් ලබයි.
ජය වර්ණය: කොළ ජය අංක 05

කටක – සමපලයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී ප්‍රසිද්ධියක් ඇතිවීම තුළ අමුතු උදාවක් ආරම්භ වේ. කෙසේ වුවත් බාධා අවහිරතා මධ්‍යයේය. කලක සිට මහන්සියෙන් කරගෙන ආ කටයුතුවල ඵල ප්‍රයෝජන ලැබිමට පුළුවන. එසේම අලුත් හිතමිත්‍රයන් රාශියක් හඳුනා ගැනීමට ඉඩ ලැබේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නැත. විවිධ ක්ෂේත්‍රන්ට යොමුවී ආදායම් මාර්ග සකස් කර ගත හැක. ආදායම් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතුවලදී තරමක් කල්පනාකාරී වන්න. වචන පාවිච්චියේදී ප්‍රවේශම් විය යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන වඩාත් ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය: ක්‍රීම් පාට ජය අංකය : 02

සිංහ – ගමන් අධිකයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී වැඩි දියුණුවට කටයුතු කිහිපයක්ම සැලසේ. වෘත්තීය සහ රාජකාරී වැඩකටයුතු උදෙසා දුරබැහැර ගමන් කිහිපයක්ම යෙදේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග පුළුල් වේ. අලුතින් ආරම්භ කරන කටයුතු කිහිපයක් සාර්ථක කර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික ලාභ ගෙනදේ. ගෙදරදොර කටයුතු යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමින් සිදුවේ. දරුවන්ගේ කටයුතුවල යහපත් තත්ත්වයක් උදාවේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු අයට ශුභයි. අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතුයි. ආගමික අංශයට නැඹුරුව ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි.
ජය වර්ණය: රතු ජය අංකය: 01

කන්‍යා – කාර්යය බහුලයි
සමාජීය සහ ආගමික අංශයේ කටයුතුවලට වැඩි අවධානයක් යොමු කරයි. ඒ තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක්ද ලැබිය හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ද උදාවේ.
අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වඩාත් සුබදායක වේ. ගෙරදදොර කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් ප්‍රගතියක් ද ඇතිවේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුක්තව සිටින අයට අලුත් විෂයන් ඉගෙනීමට ද අවස්ථාව සැලසේ. කෙසේ වුවත් මෙම කාලයේදී තමා බලා‍පොරොත්තු වූ අදහස් ඉෂ්ට වන්නේ හාත්පසින්ම වෙනස් ආකාරයටය.
ජය වර්ණය: කොළ ජය අංකය : 05

තුලා – සමපලයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අලුත් හිතමිත්‍රයන් රාශියක් හඳුනා ගැනීමට ඉඩ ලැබේ. කෙසේ වුවත් වැඩකටයුතු කරගෙයාමේදී සැලසුම්වලට අනුගතව කිරීමට යාම තුළ යම් යම් බාධා වෙනස්කම් ආදියට මුහුණ දීමට සිදුවේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග සැලසේ. ගෙදරදොර කටයුතු යුග දිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතුවල කිසියම් ප්‍රගතියක් වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නියුක්ත අයට අලුත් විෂයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. සමාජීය හා ආගමික අංශයේ කටයුතුවල යෙදී සිටින අයට සහනයක් සැනසීමක් ලබයි. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු සාර්ථක වේ.
ජය වර්ණය: නිල් ජය අංකය : 6

වෘශ්චික – දියුණුවක්
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී සුළු සුළු බාධක අවහිරතා ඉස්මතු වුවත් ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගතහැක. උසස් අයගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ලාභ ප්‍රයෝජන අත්වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන කටයුතුවල නියුක්තව සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ගමන් බිමන් අධිකයි. ආගමික අංශයට වැඩි නැඹුරුවක් උදාවේ. ඒ තුළ සහනයක් සැනසීමක් ලබයි.
ජය වර්ණය: රතු ජය අංකය :9

ධනු – ආදායම් මාර්ග පෑදෙයි
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ගුණදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ගුණයි. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග විවරවේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විටින් විට බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු විය හැකි නිසා බුද්ධිමත්වද කල්පනාකාරීවද ක්‍රියා කරන්න. ඒ තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු ද සාමාන්‍ය වේ. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. අධ්‍යයන අංශයේ නියුක්ත අයට ශුභදායක වේ. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. ආගමික සහ සමාජීය කටයුතුවලට නැඹුරුවීම තුළ සහනයක් සැනසීමක් ලැබිය හැක.
ජය වර්ණය: රන්වන් ජය අංකය: 03

මකර – ආර්ථික වාසි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අලුත් හිතමිතුරන් රාශියක් හඳුනා ගැනීමට ඉඩ ලැබේ. කාලයක් යනතුරු ඔවුන්ගේ ආධාරය උපකාරය ඔබට ලැබෙනු ඇත. ආර්ථික සහ මුදල්මය වශයෙන් ශුභදායකයි. හැම විටම ආර්ථික වාසි ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. වාසිසහගත තත්ත්වයක් උදාවේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ලබා ගනී. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට ගුණදායකයි. අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. සමාජීය සහ ආගමික අංශයේ කටයුතුවලට වැඩි නැඹුරුවක් පෙන්වයි. ඒ තුළ සහනයක් ද සැනසීමක් ද උදාකර ගත හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය : නිල් ජය අංකය :06

කුම්භ – ගමන් අධිකයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී රාජකාරී වශයෙන් සිදුවන ගමන් බිමන් අධිකයි. ඒ තුළ කාර්යය බහුලත්වයක් පෙන්වයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබාගනී. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු සාර්ථක වේ. විදේශ ගමන්වලට ශුභයි. ගෙදර දොර කටයුතුවලට යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන අංශයේ නියුක්ත අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. පර්යේෂණ කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. අලුත් කටයුතු කිහිපයක් උදෙසා සැලසුම් සකස්කර ගනී. සමාජ හා ආගමික අංශයේ නියුක්ත අයට ශුභයි. සහනයක් සැනසීමක් ලබයි.
ජය වර්ණය : නිල් ජය අංකය: 08

මීන – කල්පනාකාරී වන්න
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී තමාගේ කටයුතුවලට විටින් විට බාධා අවහිරතා ඉස්මතු කළ හැකි බැවින් කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. ආර්ථික සහ මුදල්මය වශයෙන් අයහපත් නොවේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. මිල මුදල් ලැබුණද ඔබට වියදම් පක්ෂය පාලනය කරගැනීම තරමක් අපහසුවේ. ගෙදරදොර කටයුතුවලදී ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු වනු ඇත. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට යහපත් ප්‍රතිඵල ලබාගත හැක. ආගමික සහ සමාජීය කටයුතුවල යෙදීම් තුළ සහනයක් සැනසීමක් ලැබිය හැක.
ජය වර්ණය: රන්වන් ජය අංකය: 03

ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී ජී.ඇම්. ගුණපාල