කුසල් වෙනුවට ධනංජය කණ්ඩායමට

ඉන්දියාව සමග ඊයේ පැවති එක්දින තරගය අතරතුරදී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙනුවට තරගාවලියේ ඉතිරි තරග සදහා ධනංජයද සිල්වා කණඩායමට එක් වීමට එංගලන්තය බලා පිටත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. එමෙන්ම අතිරේක ක්‍රීඩකයෙකු ලෙස හා දිල්රුවන් පෙරේරා ද එංගලන්තය බලා පිටත් වීමට නියමිතය.

කුසල් ජනිත් ඊයේ (08) පැවති තරගය අතරතුරදී කළවයේ ආබාධයකට ලක් විමෙන් පිටියෙන් ඉවත් වූ අතර ඒ පිළිබද ඔහුව අද (09) දිනයේදී පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.