රුපියලේ වටිනාකම තවත් පහළට

ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 ජූනි මස 05 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී, සියයට 1.8 ක මධ්‍යස්ථ අවප්‍රමාණය වීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතිකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝවලට එරෙහිව සියයට 8.1 කින් ද, ස්ටර්ලින් පවුමට එරෙහිව සියයට 6.2 කින් ද, ජපන් යෙන්වලට එරෙහිව සියයට 6.7 කින් ද, කැනේඩියානු ඩොලරයට එරෙහිව සියයට 1.6 කින් ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට එරෙහිව සියයට 4.6 කින් ද සහ ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 6.8 කින් ද අවප්‍රමාණය වී තිබේ.