උදාවන සතියේ ඔබේ දෛවය


මේෂ – වියදම් ඉහළයි
මිල මුදල් ලැබිම්වලට යහපත් වුවත් විටෙක අනපේක්ෂිත සිද්ධීන් ඉස්මතු වීම තුළ වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් තරමක් සැලකිලිමත් වන්න. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී තරමක් කල්පනාකාරී විය යුතුයි. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. ගෙදරදොර කටයුතු යහපත්ය. එහෙත් වචන පාවිච්චියේ දී තරමක් බුද්ධීමත් වීම වටී. දරුවන්ගේ කටයුතු ගැන විමසිලිමත් විය යුතුයි. ලිපි‍ලේඛන කටයුතු, සන්නිවේදන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. ආගමික අංශයට වැඩි නැඹුරුවක් ඇති වේ. අන්‍ය සහයෝගය ලබයි.
ජය වර්ණය- රතු, ජය අංකය- 09

වෘෂභ – දරුවන්ගේ කටයුතු දියුණු වේ
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධා අවහිරතා, ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වුව ද ඒවා මැඬපවත්වාගෙන තමාගේ කටයුතු සාර්ථක කර ගනී. ආර්ථික වශයෙන් ද එතරම් යහපත් නැත. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය අධික වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතුවල දී තරමක් විමසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. හවුල් කටයුතුවල යෙදී සිටින අයට වඩාත්ම බාධා සහිතයි. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06

මිථුන – ආර්ථිකය යහපත්
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී අන්‍යයන්ගේ සහයෝගය සහ උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට තරමක් ලාභ ප්‍රයෝජන ලැබිය හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ද යහපත්ය. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග වර්ධනය කළ හැක. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට එතරම්ම බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නියුක්ත අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. ගමන්බිමන් අධික වේ. ආගමික අංශයට වැඩි නැඹුරුවක් පෙන්වීම තුළ සහනයක් ද සැනසීමක් ද උදා කරගත හැක.
ජය වර්ණය- කොළ, අංකය- 05

කටක – ව්‍යාපාර දියුණුවේ
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී යම් යම් බාධා ඉස්මතු කළත් ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. වෙළෙඳාම් කටයුතු කරන අයගේ දියුණුව වැඩි වේ. ලාභ ප්‍රයෝජන සහිතයි. ආදායම් ලැබිම යහපත් වුවත් ඔබට වියදම් පක්ෂය පාලනය කිරීම ඉතා අසීරුයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී සැලකිලිමත් විය යුතුයි. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. විෂබිජ ශරීරයට ඇතුළුවීම, බෝවන රෝග, උෂ්ණාධික රෝගයන්ගෙන් ප්‍රවේශම් වන්න.
ජය වර්ණය- ක්‍රීම් පාට, ජය අංකය- 02

සිංහ – ගමන්බිමන් අධිකයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී විටින් විට බාධා අවහිරතා යෙදුණත්, රාජකාරි කටයුතු උදෙසා අනපේක්ෂිත බාධා අවහිරතා, ගමන් බිමන් යෙදුණ ද ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. විවිධ ක්‍ෂේත්‍රයන් තුළින් ආදායම් මාර්ග වර්ධනය කර ගනී. ගෙදරදොර කටයුතුවල දී තරමක් කල්පනාකාරී විය යුතුයි. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රවල නියුක්ත අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගනු ඇත. ගමන්බිමන් අධිකයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය- රතු, ජය අංකය- 01

කන්‍යා – ජීවිතයේ වැදගත් සිදුවීම්
මුළු ජීවිතයටම වැදගත් වන ආකාරයට අමතක නොවන ආකාරයේ වැදගත් කරුණු රාශියක් සිදු වේ. තමාගේ තත්ත්වය උසස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කිහිපයක්ම සැලසුම් කර ගනී. ඒ සම්බන්ධ අමුතු කටයුතු ආරම්භ වේ. වෘත්තීය සහ ආර්ථිකය ශුභයි. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග පුළුල් කර ගනී. තමා තුළ තිබෙන පුදුමාකාර දක්ෂතාවන් ඉස්මතුවීම නිසා විරුද්ධවාදීන් වුව ද යටි සිතින් තමාට ගෞරවයක් දක්වනු ඇත. විටෙක තමාගේ තනි මතයට අනුව කටයුතු කරයි. ගෙදරදොර කටයුතු සාමාන්‍ය වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් ද යොමු කරනු ඇත. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05

තුලා – අධ්‍යාපනයට සුබයි
තමාගේ වැඩකටයුතුවල දී උත්සාහයේ තරමට ප්‍රයෝජන ද වැඩි වේ. අපවාද චෝදනාවන්ට ලක්විය හැකි නිසා ලද පමණින් සතුටු විය යුතු කාලයක් වේ. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. විටෙක තම උත්සාහයන්ගේ ප්‍රතිඵල අඩුවනු ඇත. ආර්ථික වශයෙන් ශුභදායක වේ. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත් ආකාරයට සිදු වේ. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන අංශවල නියුක්ත අයට ශුභදායකයි. සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් විමසිලිමත් විය යුතුයි.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06

වෘශ්චික – ප්‍රසිද්ධිය ලැබේ
මිල මුදල් ලාභ ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යන නිසා තරමක් ප්‍රවේශම් වන්න. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී අන්‍යයන්ගේ අධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක වේ. සමාජයෙහි ප්‍රසිද්ධිය ද, දියුණුව ද ලබයි. ගෙදරදොර කටයුතු යහපත් වුවත් වචන පාවිච්චි කිරීමේ දී තරමක් කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවනු ඇත. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නියුක්ත අයට ශුභදායකයි. අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය- රතු, ජය අංකය- 06

ධනු – ගේදොර කටයුතු යහපත්
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී කලින් පැවැති උනන්දුව තරමක් අඩු වේ. සතුරු කරදර බාධා ඉස්මතු වන නිසා තරමක් කල්පනාකාරී වන්න. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක බවක් පෙන්නුව ද ඔබ බලා‍පොරොත්තු වන ප්‍රමාණයට සාර්ථක ප්‍රතිඵලයක් උදා නොවේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී තරමක් ප්‍රවේශම් විය යුතුයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට එතරම්ම බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව ලැබේ. ආගමික අංශයට නැඹුරුවීම තුළින් සහනයක් ද සැනසීමක් ද ලබා ගනී. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03

මකර – ආර්ථිකය ඉතා ශුභයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් බාධා ගැටලු චෝදනා අපවාද ඉදිරිපත් වුව ද ඒවා මැඬපවත්වාගෙන තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක කර ගනී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ඉතා ශුභයි. විවිධ ක්‍ෂේත්‍රයන් තුළින් ආදායම් මාර්ග ලබා ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. අධ්‍යාපන අංශවල නියුක්ත අයට ශුභදායකයි. අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. ආගමික අංශයට නැඹුරුවීම තුළ සහනයක් ද සැනසීමක් ද ලබයි.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06

කුම්භ – විදෙස් කටයුතු යහපත්
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් බාධා අවහිරතා ඇතත් ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. විදේශගතවීම්, විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. අලුත් කටයුතු කිහිපයක් සකස් කර ගැනීමට සැලසුම් සකස් වේ. ආර්ථික වශයෙන් යහපත්ය. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. ඉගෙනීමේ යෙදී සිටින අයට අලුත් කටයුතු ආරම්භයට ඉඩ සැලසේ. ආගමික අංශයට සහ සමාජීය අංශයට නැඹුරුවීම තුළ සහනයක්, සැනසීමක් ලබයි.
ජය වර්ණය- නිල්, ජය අංකය- 08

මීන – විවිධ මාර්ගයන්ගෙන් ආදායම්
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු වනු ඇත. මිල මුදල් සම්බන්ධයෙන් අයහපත් නොවේ. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග සකස් වේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යාම තුළ මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේශම් විය යුතුයි. සමගිය සාමයට බාධා අවහිරතා එල්ල විය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය- රන්වන්, දිනය- 03

ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී ජී.ඇම්. ගුණපාල