ගීතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසියි

අධිකරණ නියෝගය අනුව ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසී වූ බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත දැණුම් දී තිබේ.
ධම්මික දසනායක මහතා සඳහන් කළේ, නීතිඋපදෙස් අනුව අදාළ මන්ත්‍රී අසුන පුරප්පාඩු වූ බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා වෙත ඊයේ දැනුම් දුන් බවයි.

ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.