ජ්‍යෝතීර්වේදී ඇල්බට් සුදසිංහ අභාවප්‍රාප්ත වෙයි

හෝමාගම ප්‍රදේශයේ විසූ ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී ඇල්බට් සුදසිංහ මහතා 17 වනදා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 78 වන වියෙහි පසු විය.

ශ්‍රී ලංකාව තුල සහ ලෝකයේ දේශපාලන පෙරළි මෙන්ම ස්වභාවික විපත් පිලිබඳව අනාවැකි පල කිරීමෙන් ඔහු ප්‍රසිද්ධව සිටි අතර සුනාමි අනතුර මුල්වරට හෙළි කරමින් 2004 වසර අවසානයේ මධ්‍යම ආසියානු මුහුදේ ඇති වන භූමිකම්පාවකින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර හා දකුණු වෙරළ තීරයට ඇදහිය නොහැකි තරම් හානියක් සිදු වන බව මාස දෙකකට පෙර අනාවැකි පළ කළ අයෙකි.දේහය හෝමාගම කටුවාන පාර, සපුමල් පෙදෙස නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු මැයි 20 දා සිදු කිරීමට නියමිතය.