විමල්ගේ ඇප ඉල්ලුම අදත් ප්‍රතික්ෂේපවෙයි

හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

රජයේ වාහන අව භාවිත කිරීම සම්බන්ධයෙන් වන චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විමල් වීරවංශ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව අද (3) උදෑසන ප්‍රකාශයට පත් කෙරුණි.

විමල් විරවංශ මහතාගේ දියණියගේ රෝගී තත්ත්වය සුවිශේෂි කරුණක් ලෙස සැලකිල්ලට ගෙන ඇප නියම කරන ලෙස ඔහුගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එහිදී කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කළේ අදාළ දැරියගේ රෝගී තත්ත්වය හෝ ස්වභාවය පිළිබඳ තමා හමුවට කිසිදු කරුණක් ඉදිරිපත් කර නොමැති බවය.

ඇය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව පමණක් දක්වා රෝහලේ වෛද්‍යවරයා විසින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව විනිසුරුවරිය ප්‍රකාශ කළේය.

එමඟින් සුවිශේෂි කරුණු අනාවරණය නොවන බැවින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව සඳහන්.

මේ අතර විමල් වීරවංශ මහතා වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරන බව නීතිඥවරුන් අධිකරණයට දැනුම්දී තිබේ.