තිස්සට දුව බලන්න රට යන්න අවසර

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් මෙන්ම පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාද වූ තිස්ස අත්තනායක මහතාට විදෙස්ගත වීමට අවසර ලබාදීමට කොළඹ මහාධිකරණය අද (03දා) කටයුතු කළේය.

ඔස්ට්‍රේලියාවේ සිටින සිය දියණිය බැලීම සඳහා විදෙස් ගත විමට අවසර දෙන ලෙස තිස්ස අත්තනායක මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ අධිකරණය මෙම අවසරය ලබාදුන්නේය.

ඒ අනුව අධිකරණ භාරයේ තිබූ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය නැවත ලබාදුන් අතර එළැඹෙන 10 සිට 28 දා දක්වා ඔහුට විදෙස් ගත වීමට අවසර ලැබුණි.

පසුගිය ජනපතිවරණ සමයේදී එවකට පොදු අපෙක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදාගනිමින් කූඨ ලේඛණ සකස් කළ බවට තිස්ස අත්තනායක මහතාට එරෙහිව නඩු පවරා තිබේ.