කිරි වීදුරුවක් බී විමල් උපවාසය අවසන් කරයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ විසින් ආරම්භ කළ උපවාසය අවසන්කර තිබෙනවා.

අද උදෑසන ඔහුගේ සුව දුක් විමසීමට ජාතික රෝහලට වැඩම කළ මහා සංඝරත්නය කළ ඉල්ලීමක් අනූව මන්ත‍්‍රීවරයා උපවාසය අවසන් කළ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර සදහන් කළේ.

මහා සංඝරත්නය විසින් ලබාදුන් කිරි වීදුරුවක් පානය කරමින් පිරිත් සජ්ජායනා මැද ඔහු උපවාසය අවසන් කළ කළේය.