ක්‍රිකට් නීති වෙනස් වෙයි

ක්‍රිකට් පිටියේ විනය විරෝධී ලෙසින් හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ව පිටියෙන් ඉවත්කිරීමට විනිසුරට අවසර ලබාදීමේ නීතිය ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සඳහා නීතිරීති හඳුන්වාදෙන මාර්ලිබොන් ක්‍රිකට් සමාජය මෙම නව නීතිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යෝජනා කර තිබේ.

මීට අමතරව පිතිකරුවන් භාවිත කරන විවිධ පිති වෙනුවට ප්‍රමිතියෙන් යුතු එකම පිත්තක් හඳුන්වාදීමටද නියමිත අතර, ඒ අනුව මිලිමීටර් 108 පළලකින් හා මිලිමීටර් 67ක උසකින් යුත් පිති ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදීමට නියමිතය.

මේ අතර ක්‍රීඩකයන් දුවද්දී දැවී යද්දී ඔහු සීමා ඉරට එහා පිත්ත තැබූ අවස්තාවක එය එක් වරක් සීමා ඉරට ඉහළින් බිම පතිත නැවතත් වී ඉහළට එස වුණත් එම අවස්ථාව නොදැවුණ අවස්ථාවක් ලෙස නම් කිරීමටත් නියමිතය.

එසේම මාන්කාඩ් ක්‍රමය යටතේ ක්‍රීඩකයෙකු දවා ගැනීමට කටයුතු කරන අවස්ථාවකදී පන්දුව යොමු කිරීමට ආසන්න අවස්ථාවකදී පවා පන්දුව යොමුකරන අන්තයේ සිටින ක්‍රීඩකයා සීමා ඉර පසුකර ඇත්නම් ඔහුව දවා ගැනීමට පන්දු යවන්නාට අවස්ථාව තිබේ.

මේ අතර එක් කණ්ඩායමක ක්‍රීඩකයන්ගේ නොහික්මුණු හැසිරීම හේතුවෙන් ප්‍රතිවාදී ක්‍රිකට් කණ්ඩායමට ප්‍රසාද ලකුණු ලබාදීමටත් විනිසුරන්ට අවස්ථාව ලැබී තිබේ.