ඉස්සර වගේම අදත් හොරු ඉන්නවා

පසුගිය කාලයේ මෙන්ම අදත් රට විනාශය කරාගෙනයන පුද්ගලයන් සිටින බවත් ඔවුන්ගෙන් රට ආරක්ෂා කරගත යුතු බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (24 දා) පෙරවරුවේ පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක නිලධාරීන්ගේ විසිර යෑමේ උත්සවයට එක්වෙමින් අද දින එතුමා මේ බව සඳහන් කර සිටියේය.

අනාගත පරපුර වෙත යහපත් හෙටක් උරුම කර දීමට නම් තමා සේවය කරන ආයතනයට අවංකව සේවය කල යුතු බවත් එතුමා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

ඒ වගේම වරායතුල සේවයට පැමිණෙන පිරිසිදු පුද්ගලයන් කාලයක් ගතවන විට අන්ත දුෂිත පුද්ගලයන් වන බවට මතයක් පසුගිය කාලයේ සමාජයේ තිබුණත් අද වන විට එය පාලනය කිරීමට වර්තමාන කළමාණාකාරීත්වය සමත්ව ඇති බවත් එතුමා මෙහිදී සඳහන් කර සිටියේය.

විශේෂයෙන් වර්තමානය වන විට මෙහි සිදුවන හොරකම් බොහෝමයක් නවතා දැමීමට හැකිවී ඇති බවත් නමුත් අදත් එවැනි හොරුන් අදත් සිටින බව අමාත්‍යවරයා සඳහන් කල අතර ඒ අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම සඳහා නව ක්‍රමවේදයක් ඇතිකළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ අවස්ථාව සඳහා වරාය සහ නාවික අමාත්‍යංශයේ ලේකම් එල්.පී ජයම්පති මහතා ඇතුලු වරාය අධිකාරියේ විශාල පිරිසක් සහභාගි විය.