මන්ත්‍රී මහින්දානන්දට නොතීසි

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට අද කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න අධි චෝදනා ගොනු කළේය.

ඒ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂයට අයත් රුපියල් ලක්ෂ 39 ක් සාවද්‍ය හා සාපරාධි ලෙස පරිහරණය කළැයි පැවසෙන චෝදනා යටතේය.

අනතුරුව මැයි 22 වැනි දා මහින්දානන්ද අලුත්ගමගේට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසී නිකුත් කරනු ලැබීය.