රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

වසර හතළිහකට අධික කාලයක් දේශපාලනයේ නිරතව එක්සත් ඡාතික පක්ෂයේ උප සභාපති ධුරයක් හොබවමින් මධ්‍යම පළාත් සභාෙවි විපක්ෂ නායිකාව ලෙස කටයුතු කළ රේණූකා හේරත් මහත්මිය අද (13) දින අභාවප‍්‍රාප්ත වුවාය.

මියයන විට හැත්තෑ දෙවැනි වියේ පසුවු ඇය හදිසි අසනිප තත්ත්වයක් නිසා රොහල් ගතව සිටියාය.

1977 වසරේ එක්සත් ඡාතික පක්ෂයෙන් වලපනේ ආසනයට තරඟ කර පාර්ලිමේන්තුවට තේරි පත් වු ඇය පළමුව දිසා ඇමති ධූරයක් හෙබවිය. ඉන් අනතුරුව සෞඛ්‍ය හා වනිතා කටයුතු අමාත්‍යවරිය ලෙසද කළක් ජනතාවට සේවය කළාය. දෙවරක් පාර්ලිෙමින්තුවට තේරි පත් වු ඇය අවසන් වරට මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරිය ලෙසත් කණ්ඩායම් නායිකාව ලෙසත් කටයුතු කළාය.

ඊට අමතරව එක්සත් ඡාතික පක්ෂයේ උප සභාපති වරියක් ලෙසත් වලපනේ එක්සත් ඡාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායිකාව ලෙසත් වලපනේ සංවර්ධන කමිටුවේ සම සභාපතිවරිය ලෙසත් ඇය කටයුතු කළාය.

මේ වන විට ඇයගේ දේහය වලපනේ වැවකැළේ ‘‘රේණූක’’ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු 16 වන බ‍්‍රහස්පතින්දා සවස 4.00 ට වලපනේ නිල්දණ්ඩාහින්න මහඡන ක‍්‍රිඩාංගනයේදි සිදුකිරිමට නියමිතය.

ගයා වන්නිඅරච්චි