විමල්ගේ දරු දෙදෙනා රෝහල් ගතකරයි

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ගේ දරු දෙදෙනා ඊයේ (23) දහවල් රාගම රෝහල වෙත ඇතුළත් කර තිබේ.

විමල් වීරවංශ මහතා උපවාසයක නිරත වීම නිසා ඇති වූ කම්පනයෙන් ඔහුගේ පුත් විභූති හා දියණිය විමාෂා විෂ්වාදරී ද ආහාර ගැනීම වර්ජනය කිරීම හේතුවෙන් ඔවුන් අසනීප වීම නිසා මෙසේ රෝහල් ගත කිරීමට සිදුවී ඇත.

රෝහල්ගත කළ ඔහුගේ පුත්‍රයා ඊයේ සවසම රෝහලෙන් පිටව ගොස් ඇති නමුත්, දියණියව රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර යවා ඇත.

විමල්ගේ දියණිය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන බවද වාර්තාවේ.

මෙම තත්වය සලකාබලා තමාට ඇප ‍ලබා දෙන ලෙස ඉල්ලමින් විමල් වීරවංශ අද දිනයේ ද තවත් මෝසමක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය අවස්ථාවේ වීරවංශ මහතාට ඇප ඉල්ලා සිටි අවස්ථ‍ාවේ පොලිසිය පවසා සිටියේ පරීක්ෂණ අවසන් කර ඇති නිසා ඇප ලබාදීමට විරුද්ධතාවයක් නැති බවයි.