ශ්‍රී ලංකාව White Wash වෙයි

ටෙස්ට් තරගාවලියේදි මෙන්ම එක්දින තරගාවලියේදීත් ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් ලබාදෙමින් දෙරට අතර පැවැති තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 5-0ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ සමත්විය.

සෙන්චූරියන්හි ඊයේ පැවැති තරගය ලකුණු 88කින් ජයග්‍රහණය කිරිමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු හයකට ලකුණු 384ක් රැස්කළේය.

එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 296ක් පමණි. දකුණු අප්‍රිකාවේ ආරම්භක පිතිකරුවන් වූ ක්යින්ටන්ද ඩි කොක් හා හෂීම් අම්ලා ශතක වාර්තා කිරිමට සමත්වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ශතකය වාර්තා කිරීමට සමත්විය.තරගාවලියේ වීරයා ලෙස ෆෆ් ඩු ප්ලෙසි සම්මාන ලැබීය.