ලංකාදීපේ රොත්තක් බැඳුම්කර පත්තරේට

මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ළඟදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජාතික පුවත්පත් ජාලයට ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත්කරන විජය නිව්ස් පේපර්ස් ආයතනයේ මාධ්‍යවේදීන් හා වෙනත් තාක්ෂණික කාර්යමණ්ඩල සේවකයින් 25කට වැඩි පිරිසක් එක්වීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

ඒ මුල් පියවරක් ලෙස 'දේශය' පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ප්‍රසාද් අබේවික්‍රම මහතා මේ සතියේ ඉවත්ව ගොස් ඇත.

වැටුප් වර්ධක නොමැතිවීම හා දිනෙන් දින සේවක අයිතීන් කප්පාදු කිරීම හේතුවෙන් කලකිරීමට පත්ව සිටින විජය පුවත්පත් සමාගමේ ජ්‍යේෂඨ හා දක්ෂ කාර්යමණ්ඩලය සාමාජිකයින් දිනා ගැනීම සඳහා බැඳුම්කර පුවත්පත් සමාගම විසින් ඉතා ආකර්ශනීය වැටුප් හා වෙනත් වරප්‍රසාද රැසක් ලබාදීමට එකඟත්වය පළකර ඇත.

මේ අනුව ඉදිරි දින කිහිපය තුලදී විජය පුවත්පත් ආයතනයේ ජනප්‍රිය මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුද රුපියල් දශ ලක්ෂයකට අධික වැටුප් තල යටතේ බැඳුම්කර පුවත්පතට එක්වීමට නියමිතව ඇතැයි ද වාර්තාවේ.

කෙසේවුවද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ අර්ජුන් ඇලෝසියස් මහතා විසින් පවත්වාගෙන යන 'සන්ඩේ ලීඩර්' හා 'ඉරුදින' පුවත්පත් හි කාර්ය මණ්ඩලයට මාස දෙක තුනකින් වැටුප් පවා ගෙවා නොමැත.