රෝගියෙක් රෝගී කාන්තාවක දූෂණය කරයි

මහනුවර මහ රෝහලේ මානසික රෝගී අංශයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙක් විසින් එම අංශයේම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගී කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියක් පිළිබඳ මහනුවර මූලස්ථාන පොලිසිය මෙන්ම රෝහල් පාලනාධිකාරිය පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

ඉකුත් 11 වැනි දින පස්වරු කාලයේ මෙම සිදුවීම සිදුව තිබේ. දූෂණයට ලක්වූ බව සඳහන් රෝගී කත අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමු කර ඇති බැවින් එම වාර්තාව ලද පසුව ඉදිරි නීතිමය පියවර ගන්නා බව මහනුවර මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

දූෂණයට ලක්වූ මානසික රෝගී කත 24 හැවිරිදි වියේ පසුවන අතර 32 වියැති මානසික රෝගී පුරුෂයා කීප වරක්ම මෙම රෝගී කතට බලපෑම් කොට ඇති බවද ඇය මේ පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලයට පැමිණිලි කොට ඇති බවද පැවැසේ.