තේ පානය කිරීමෙ විස්මිත ගුණ

ගත සිත වෙහෙසවා වැඩ කරනු ලබන ඕනෑම තරාතිරමක අයෙකු කාර්යබහුල දිනයක්‌ තුළදී මෙන්ම දිනය අවසනදී තේ කෝප්පයක්‌ පානය කිරීමෙන් ලබනුයේ අපරිමිත වූ ආස්‌වාදයකි. එහෙත් තේ පානය කිරීම යනු හුදෙක්‌ ගතට සිතට ආස්‌වාදයක්‌ ගෙන දෙන්නක්‌ පමණක්‌ නොව එය රෝග ගණනාවක්‌ සුවපත් කිරීමටද හේතු වන්නක්‌ බව මේ වනවිට බටහිර පර්යේෂකයින් විසින් සනාථ කර අවසන්ය.

මෑතකදී සිදු කරන ලද පර්යේෂණවලදී අනාවරණය වී ඇත්තේ දිනකට කළු පැහැති තේ කොළවලින් හෝ කොල පැහැති තේ කොළවලින් (ගී්‍රන් ටී) සකසන ලද තේ කෝප්ප තුනක්‌ පානය කිරීමෙන් මෙරට සුලබව පැතිර පවතින බෝ නොවන රෝග වන ආඝාතය (ස්‌ට්‍රොaක්‌) හා පිළිකාවන් වැළඳීමේ අවදානම අඩු වන බවයි.

තේ සෞඛ්‍ය සම්පන්න පානයක්‌ බවට පත්ව ඇත්තේ තේ කොළවල අන්තර්ගත "පොලිපෙනෝල්ස්‌" නමැති රසායන සංයෝගය හේතුවෙනි. ප්‍රතිඔක්‌සිකාරකයක්‌ ලෙස කටයුතු කරන මෙම සංයෝගය මිනිස්‌ සිරුරෙහි රෝග ඇති කිරීමට හේතු වන විෂ බීජ කාරකයන් සමග සටන් කිරීමට සමත් වූ සංයෝගයකි.

අප නිතර පානය කරන කළුÊපැහැති තේ කොළවලින් තැනූ තේවලට වඩා කොල පැහැති තේ කොළවලින් තැනූ තේවල "පොලිපෙනෝල්ස්‌" සංයෝගය වැඩියෙන් අඩංගුව පවතින බව අනාවරණය වී තිබේ.

කෙසේ වුවද අප තේ කෝප්පයක්‌ සකස්‌ කිරීමේදී එයට යොදනු ලබන කිරිවල අන්තර්ගත මේදය තේවල පවතින රෝග අවදානම අඩු කරනු ලබන ප්‍රතිඔක්‌සිකාරක සංයෝගයන්ගේ ධාරිතාව අඩු කිරීමට ඉඩ තිබෙන බවට පර්යේෂකයෝ මේව නවිට අනාවැකි පළ කර තිබේ. මෙසේ තේවල අඩංගු "µaලෙවනොයිඩ්ස්‌" නමැති ප්‍රතිඔක්‌සිකාරක සංයෝගය කිරිවල ඇති ප්‍රොaටීනවලට බද්ධ වීම නිසා එහි ක්‍රියාකාරීත්වය නතර වන බව පර්යේෂණවලදී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධව සිදු කරන ලද තවත් පර්යේෂණයකදී අනාවරණය වී ඇත්තේ ස්‌කිම් කරන ලද කිsරි හා මේදය සහිත කිරිවල අඩංගු එම මේදය තේවල ප්‍රතිඔක්‌සිකාරක ගුණය අඩු කරලන බවයි.

කරුණු කෙසේ වුවද තේ කිරි රහිතව හෝ සහිතව පානය කිරීම ඉතාමත් සෞඛ්‍ය සම්පන්න බව අමතක කළ යුතු නොවේ. එහෙත් තේවල පවතින රෝගවලට එරෙහිව සටන් වැදීමේ ප්‍රතිඔක්‌සිකාරක ගුණය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනුයේ තේ කිරි රහිතව පානය කිරීමේදීය.

තේ පානය කිරීමෙන් පහත සඳහන් රෝගාබාධයන් වැළඳීමේ අවදානම අඩු කරලන බව පර්යේෂකයෝ අනාවරණය කර ගෙන තිබේ.

1. හෘද රෝග වැළඳීමේ අවදානම අඩු කිරීම තේවල අන්තර්ගත "පොලිපෙනෝල්ස්‌" නමැති ප්‍රතිඔක්‌සිකාරක සංයෝගය ආඝාතය ඇතුළු හෘදය වස්‌තුව ආශ්‍රිත රෝගවලින් මියයැමේ අවදානම අඩු කරලන බව අනාවරණය වී තිබේ. ජපානයේ පිරිමින් හා කාන්තාවන් 77,000 ක්‌ යොදාගෙන සිදු කරන ලද පර්යේෂණයකදී කළු මෙන්ම කොල පැහැති තේ කොළවලින් සකස්‌ කරන ලද තේ දිගු කලක්‌ පානය කිරීම හෘද රෝගවලින් මිය යැමේ අවදානම අඩු කරලන බව අනාවරණය වී තිබේ.

මෙම පර්යේෂණවලට අනුව කළු හෝ කොළ පැහැති තේ කොළවලින් සකස්‌ කරනු ලබන තේ කෝප්ප් 3 ක්‌ දිනකට පානය කිරීමෙන් ආඝාතය රෝගයට ගොදුරු වීමේ අවදානම සියයට 21 කින් අඩු කරලන බව හෙළි වී තිබේ. පර්යේෂකයින්ට අනුව තමන්ට ආඝාතය වැළඳීම වැළැක්‌වීමට යමෙකුට ගත හැකි ඉහලම ක්‍රියාමාර්ගය වනුයේ තේ පානය කිරීමයි.

2. පිළිකාවන් වැළඳීමේ අවදානම අඩු කිරීම -

පර්යේෂණවලදී තේ පානය කිරීමෙන් පිළිකාවන් විශේෂයෙන්ම ගැබ්ගෙල හා ජීර්ණ පද්ධතිය ආශ්‍රිත පිළිකාවන් වැළඳීමේ අවදානම අඩු කර ගත හැකි බව හෙළි වී තිබේ. කොල තේ (ගී්‍රන් ටී) පානය කිරීමෙන් පියයුරු, ප්‍රොස්‌ටේට්‌, හා ආමාශය ආශ්‍රිත පිළිකා මර්දනයට උපකාරී වන බව හෙළි වී තිබේ.

3. අධි රුධිර පීඩනය වැළඳීමේ අවදානම අඩු කිරීම

- මෙහිදී වසරක කාලයක්‌ කළු පැහැති තේ කොළ හෝ කොල තේ කොළ යොදා සකස්‌කළ තේ නිරතුරුව පානය කිරීමෙන් අධි රුධිර පීඩනයට ගොදුරු වීමේ අවදානම අඩු කරලන බව අනාවරණය වී තිබේ. මෙහිදී කොල තේ හෙවත් "ගී්‍රන් ටී" පානය කිරීමෙන් සිරුරෙහි තැන්පත්ව ඇති මේදය අඩුවී ශරීරයෙහි බර අඩු කරලන බවද හෙළි වී තිබේ.

පර්යේෂකයින්ට අනුව ස්‌වාභාවික කළු තේ හා කොල තේ වර්ග පානය කළ ද "ඩයට්‌" වර්ගයේ තේ පානය කිරීමෙන් වැළකී සිටීම ශරීර සෞඛ්‍යයට යෝග්‍යය. ඒ එම තේ වර්ගවල ශරීරයට අහිතකර සංයෝගයන් (ලැක්‌සේටිව්ස්‌ වැනි) අඩංගු වී තිබීම හේතුවෙනි.

තේ කොළ වර්ග මිලදී ගැනීමේදී විවිධ රස කාරකයන්a (ස්‌වීට්‌න(ර්)ස්‌) යෙදූ අධි මිල ගණන්වලින් යුතු බෝතල් කළ තේ මිලදී ගැනීමෙන් වළකින ලෙස පර්යේෂකයෝ මහජනතාවගෙන් ඉල්ලීම් කර සිටිති. එවැනි රස ගැන්වූ තේ කොළවල ස්‌වාභාවික තේ කොළවල අඩංගු ගුණය නොපැවැතීම මෙයට හේතුවයි.

තේ පානය කිරීම සෞඛ්‍යයට හිතකර වූවක්‌ මිස අහිතකර වන්නක්‌ නොවීම නිසා වැඩියෙන් තේ පානය කිරීමට හුරු වීම සෞඛ්‍ය සම්පන්න දිවියකට මග පෙන්වීමක්‌ බව පර්යේෂකයෝ වැඩිදුරටත් සඳහන් කර සිටිති.

ඇමරිකා එක්‌සත් ජනපදයේ මහජන සෞඛ්‍ය පිළිබඳ හාව(ර්)ඩ් විද්‍යාලය විසින් පළ කරන ලද ලිපියක්‌ ඇසුරිනි.