වෙඩි කෑ සයිටම් ලොක්කා රටින් පැනලා

මාලඹේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න විදේශගතව ඇත්තේ පොලිසියට දැනුම් දීමකින් තොරව බව වාර්තා වෙයි.

පොලිස් මූලස්ථානය පැවසුවේ ඉකුත් දා ඔහුගේ රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් ඔහු විදේශගත වන්නේ නම් පොලිසියට පෙර දැනුම් දීමක් සිදුකළ යුතුව තිබූ බවයි.

කෙසේ වෙතත් පරීක්ෂණ සදහා අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර පොලිසිය හරහා ඔහු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ හැකි බව ද සදහන්.

වෛද්‍ය සමීර සේනාරත්න විදේශගතව ඇත්තේ ඊයේ දිනයේදී බවයි අනාවරණ වී ඇත්තේ.