දුමින්ද සිල්වා රෝහල් ගත කරයි

මරණ දඬුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

අද (28) අලුයම 4.30ට පමණ ඔහු මෙලෙස හදිසියේ රෝගී වී තිබේ.

පළමුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු දුමින්ද සිල්වා මහතා පසුව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරිණි.දුමින්ද සිල්වාට අලුයම වමනය පිටවීමක් සමග මෙම රෝගී තත්ත්වය මතුව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.