ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වාසියක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් මත ගෙවනු ලබන 15% විශේෂ පොලී අනුපාතය සඳහා වන උපරිමය දැනට ක්‍රියාත්මක රු.ලක්ෂ 10 සීමාවේ සිට මාර්තු මස සිට රු.ලක්ෂ 15 සීමාව දක්වා වැඩිකළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් මත 2017 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළව මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා විසින් මේ පිළිබඳව සියලු බැංකු වෙත දැනුම් දෙන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලිඛිතව දැනුම්දී ඇතැයි භාණ්ඩාගාරයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එම්.පී.එම්.බී.අතපත්තු මහතා පවසා තිබේ.