ගම්පහ වර්ජනය කැඳවූ ‍ලේකම්වරයාට පරීක්ෂණයක්

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ‍ලේකම්වරයාගේ ක්‍රියා කලාපය රජයේ දැඩි අවධානයට යොමුව ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

මෙවැනි ගැටලුවලදී උසස් රාජ්‍ය නිලධාරියකු ලෙස දිස්ත්‍රික් ‍ලේකම්වරයා මහජන සේවාවන් කඩාකප්පල් වීමට ඉඩ නොදී ගැටලුව අවම වන අයුරින් කටයුතු කළ යුතු වුවද දිස්ත්‍රික් ‍ලේකම්වරයා කටයුතු කර ඇත්තේ වෘත්තීය සමිති නායකයකු ලෙස බවද රජය සඳහන් කරයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා නොසලකා ජනාධිපති ‍ලේකම්වරයාට පැමිණිලි කර ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

‍‍‍ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන දිස්ත්‍රික් ‍ලේකම්වරයා අදාළ සිද්ධියට මැදිහත් වීම හරහා ඔහුගේ අකාර්යක්ෂම බව හා අසාර්ථක බව පෙන්නුම් කරන බවද රජය සඳහන් කරයි.