බැසිල් යළි ලංකාවට එයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ සතියේ නැවතත් ලංකාවට පැමිණෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ පසුගිය රජය සමයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 29ක් වැය කර ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ඒ මහතාට එරෙහිව ඇති නඩුව සඳහා පෙනී සිටීම සඳහායි.

ඊට අදාළ නඩුව මේ සතියේ දෙසැම්බර් 15 වැනිදා කොළඹ මහාධිකරණය ඉදිරියේ කැඳවා ඇත.
බැසිල් රාජපක්ෂ පසුගිය දෙසැම්බර් මස 10 වැනිදා ඇමෙරිකාව බලා පිටත්ව ගියේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යැයි ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න ප්‍රකාශ කර තිබිණි.

රන්මලී සෝමසිරි