විමල්ගේ ආධාරකරුට අත්හිටුවූ සිර දඬුවම්

විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව පසුගිය වාරයේ කැඳවූ අවස්‌ථාවේදී අධිකරණයට අපහාසවන අයුරින් හැසිරුණු සුදේශ් ප්‍රේමලාල් ෙµdන්සේකා නමැත්තා ඊයේ (6 දා) කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අයුරු. පිංතූරය - නිමල් දයාරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කොට තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පසුගිය 24 වැනිදා නියෝග කළ අවස්‌ථාවේ කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය තුළදී අධිකරණයට අපහාස වන පරිදි හා අධිකරණ කටයුතුවලට බාධා වන පරිදි හැසිරීමේ චෝදනාවලට වරද පිළිගත් විමල් වීරවංශ මහතාගේ ආධාරකරුවකු යෑයි කියන සැකකරුට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (07 දා) වසර 7 කට අත්හිටුවූ වසර 1 1/2 ක සිර දඬුවමක්‌ නියම කළාය.

එකී චෝදනා දෙකට වරද පිළිගෙන මින් පසු එලෙස නොහැසිරෙන බවට පොරොන්දු වී අධිකරණයෙන් සමාව අයෑද සිටි ගොඩනැඟිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වන ගම්පලගේ සුදේශ් ෙµdන්සේකා නමැති 46 හැවිරිදි තිදරු පියකු වන සැකකරුට රුපියල් 1000 ක දඩයක්‌ ගෙවීමට ද මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරු විසින් සිදුකර ඇත්තේ ඉතා බරපතළ වරදක්‌ බව මුල් අවස්‌ථාවේදී පිළිගෙන කනගාටුව ප්‍රකාශ කර අධිකරණයෙන් සමාව අයෑද සිටි සැකකරු මෑතකදී බලවත් හෘද සැත්කමකට ලක්‌කළ පුද්ගලයකු බැවින් ලිහිල් දඬුවම් නියම කරන ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අධිකරණ කටයුතුවලට බාධා කිරීමේ චෝදනාවට මාස හයක ලිහිල් සිර දඬුවමක්‌ ද අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසරක බරපතළ සිර දඬුවමක්‌ ද නියම කළ විනිසුරුවරිය පළමුවන චෝදනාවට රුපියල් 1000 දඩයක්‌ ද නියම කළාය..