ඉඩම් ආරවුලට පුතා අම්මා මරලා

ඉඩම නොදුන්නා යැයි පවසා තුන්වැනි පුතා ඊයේ (31දා) පෙරවරුවේදී සිය මවගේ බෙල්ලට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පින්දෙණිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල, අටාල, බෝයගොඩ, හාලියද්ද ජනපදයේ පදිංචිව සිටි ඒ.ඩී. පොඩිනා නමැති හත්දරු මවකි.

ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර ඇගේ දෙවැනි දරුවාද මීට සතියකට පමණ ඉහතදී මියගොස් ඇත. සිය දියණිය සමඟ නිවෙසේ පදිංචිව සිට ඇති මෙම මවගේ වයස අවුරුදු 86කි.

සැකකාර ඇගේ තෙවැනි පුතා විවාහ වී සිටින අතර ඔහුට දරුවන් තිදෙනෙකි. නීති විරෝධී මත් ද්‍රව්‍ය පෙරීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් මීට මාසයකට පමණ ඉහතදී රක්ෂිත බන්ධනාගාර ගතව සිට පැමිණ ඇත. සැකකරු නිතරම සිය මව සහ සහෝදරිය පදිංචි නිවෙස හා ඉඩම ලියා දෙන ලෙස ඉල්ලා ඇති අතර නිවෙස හා ඉඩම ලියා නොදුන් නිසා කීප අවස්ථාවකදීම මව සමඟ අඬදබර වී ඇත.

පෙරේදා (30දා) පෙරවරුවේ යළි සැකකරු මවට බැන තර්ජනය කර ඇත. පසුව මව දියණිය සමඟ පින්දෙණිය පොලිසියට ගොස් පැමිණිල්ලක් කර ආපසු නිවෙසට පැමිණ තිබේ. පැමිණිල්ල සම්බන්ධයෙන් පින්දෙණිය පොලිසියේ නිලධාරියෙක් පෙරේදා (30දා) සවස විභාග කිරීමට පැමිණිලිකාරියගේ නිවෙසට පැමිණ ඇත. ඒ අවස්ථාවේ මව හා දියණිය නිවෙසේ නොසිටි නිසා පසුදින පොලිසියට පැමිණෙන ලෙස අසල්වැසි කාන්තාවකට දැනුම් දී ඇත.

ඒ අනුව මෙම කාන්තාව සිය දියණිය සමඟ පින්දෙණිය පොලිසියට යෑමට නිවෙසින් පිටත්ව මීටර් 100ක් පමණ යමින් සිටියදී සැකකරු පැමිණ මවගේ බෙල්ල පිහියකින් කපා දමා ඇත. පසුව දියණිය සිය මව උස්සාගෙන රෝහලකට රැගෙන යෑමට සූදානම් වූ අවස්ථාවේදී සැකකරු යළි පිහියෙන් සහෝදරියගේ හිසට හා අත්වල ඇඟිලිවලටද කොටා ඇත. පසුව ඇය මව දමා දිව ගොස් ඇති අතර අසල්වාසීන් විසින් ඇය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. මව එම ස්ථානයේදීම මියගොස් ඇති අතර දියණිය කෑගල්ල මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඝාතනයට ලක්වී ඇති කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (31දා) කෑගල්ල මහ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබිණි. සැකකරු පලා ගොස් ඇත. පින්දෙණිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පද්මපෙරුම මහතාගේ උපදෙස් පරිදි උප පොලස් පරීක්ෂක තෙන්නකෝන්, පොලිස් සැරයන්වරුන් වන තිලකසේන (29263), සේනාධීර (29154), මහගම (11293), පොලිස් කොස්තාපල් අක්මීමන (37456) යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයව

මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය මේ වන විටත් පවත්වා නැත.