අසේල ගුණරත්න ලක්ෂ 30කට විකිණෙයි

නොසිතූ ඉණිමක් ක්‍රීඩා කරමින් ඕස්ට්‍රේලියාව පරාජය කළ අසේල ගුණරත්ත අද දින පැවැත්වෙන 2017 IPL තරඟාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිළට එක්වීමට අද වරම් ලැබුවා. ඒ ඔහුව ඉන්දීය රුපියල් ලක්ෂ 30කට අලෙවි වීමත් සමඟින්. මුම්බායි ඉන්දියන්ස් පිලේ ලසිත් මාලිංගද ක්‍රීඩා කරන අතර එම කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසින් මහේල ජයවර්ධන කටයුතු කරනු ලබනවා.

දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයින්ටද මෙවර IPL පිටියේ වරම් අහිමි වෙද්දි නවක ක්‍රීඩකයන්ට මෙලෙස අවස්ථාව හිමිවීම සතුටට කරුණක් බවයි ඔහුගේ දක්ෂතාවන් පිළිබඳව සතුට පළකරන ක්‍රීඩාලෝලීන් පවසන්නේ.