කලාකරුවෝ විමල් බැලීමට බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සුවදුක් බැලීම සඳහා අද (17) පෙරවරුවේ කලා කරුවන් වැලිකඩ මැගසින් බන්ධනාගාරයවෙත පැමිණ සිටියා. විමල් වීරවංශ මහතා රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට පත්වූ අතර පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.