කරුණා ඒකාබද්ධ විපක්ෂ වේදිකාවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් නුගෝගොඩ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ ජනරැළියට එක්විය.

ඔහු දෙමළ භාෂාවෙන් රැළිය ඇමතීය. ඔහු සිංහලින් කීවේ ඊයේ දිනයේදි මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදි රැළියේදි දෙමළින් කතා කරන ලෙසට තමන්ට උපදෙස් දුන් බවයි.

"මම කළගුණ දන්න කෙනෙක්. මහින්ද රාපක්ෂ මහතා රට බේරාගත් නායකයා. මම ඔබතුමාලට කියනවා ඔබතුමාලත් කළ ගුණ සළකන්න. මාතෘ භූමියට ජය වේවා!"