විල්පත්තුවේ කැලෑ විනාශයක් සිදුවෙන බවට අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (04) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රතිචාර දැක්වුවා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“විල්පත්තුව ගැන මම ඇත්ත කතාව කියන්නම්කෝ. විල්පත්තුවේ කිසිම තැනක කිසිම දෙයක් හදලා නැහැ. කැළෑ දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් ඒක ජනාධිපතිතුමාට කියලා තියෙනවා. විල්පත්තුවේ ඉදලා තියෙන මායිමේ තමයි මේ දේ වෙන්නෙ. බදියුදීන් ඇමතිතුමාට ඔය චෝදනාව කරන වෙලාවෙ ඔහු පැහැදිළිව පෙන්නුවා 1915 වේ ඔප්පු තිරප්පු. ඒවා යුද්දෙදි තමයි විනාශ වුණේ. බදියුදීන්ගෙ අම්මගෙයි තාත්තගෙයිත් ඇඟේ පතේ තියෙන සියලු දේවල් ගලවගෙන කොටි සංවිධානය ඔවුන්වත් ඉවත් කළා. පැය 24 ක් ඇතුළත උතුරෙන් මුස්ලිම්වරු සියල්ල එලෙව්වා. ඒ කාලේ බදියුදීනුත් කුඩා ළමයෙක්. බදියුදීන් ඇමතිවරයාත් හිටියේ පුත්තලමෙ පුනරුත්තාපන කඳවුරක. පස්සෙ තමයි ඔහු ඡන්දෙ ඉල්ලුවේ. එතකොට එතන හිටිය මනුස්සයාට රුදාවක් තියෙනවා ඔහුගේ අනික් පිරිසට අද ඒ තැන හදලා දෙන්න. කොටි එලෙව්ව.. ඒ පුත්තලම කඳවුරේ හිටිය සියලු දෙනාගෙ ඡන්ද ටික තියෙන්නෙ මන්නාරම දිස්ත්‍රික්කයට. මේක අපි අවබෝධ කරගන්න ඕනේ.”
(එම හඬපටය පහතින් දැක්වෙයි)