සරත් කුමාර ගුණරත්නට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇප මත මුදාහැර තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාරගේ නියෝගයකට අනුවයි.

මීගමුව කළපු සංවර්ධන ව්‍යාපෘති මුදල් අවභාවිතය සම්බන්ධයෙන් සරත් කුමාර ගුණරත්න සුගිය 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ නඩුව මීට පෙර අවස්ථා කිහිපයකදී විභාගයට ගැණුනු අතර එහිදී සරත් කුමාර ගුණරත්න මහතා වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කෙරුණු අතර ඒවා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණි.

කෙසේ වෙතත් අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇත.