පොලිස්‌ කොමිසමේ සභාපති අස්‌වෙයි

ජාතික පොලිස්‌ කොමිසමේ සභාපති සිරි හෙට්‌ටිගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්‌ වී ඇත.

තම ඉල්ලා අස්‌වීමේ ලිපිය ඒ මහතා විසින් ව්‍යවස්‌ථාදායක සභාවට පෙරේදා (04 දා) භාරදුන් බව ජාතික පොලිස්‌ කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවැසීය.

ජර්මනියේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයකු ලෙස සේවය කිරීමට අවශ්‍ය බව කියමින් තමන් ජාතික පොලිස්‌ කොමිසමේ සභාපතිධුරයෙන් ඉල්ලා අස්‌වන බව හෙට්‌ටිගේ මහතා ව්‍යවස්‌ථාදායක සභාවට යෑවූ ලිපියේ සඳහන්ව ඇත.

පොලිස්‌ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්‌වුවද තවදුරටත් තමන් එහි සාමාජිකයෙකු බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.

සිරි හෙට්‌ටිගේ මහතා ජර්මනියේ විශ්වවිද්‍යාලයක සේවය කිරීම සඳහා මීට මාස 1 1/2 කට උඩදී නිවාඩු ලබාගෙන ජර්මනිය බලා පිටත්ව ගිය අතර මීට දින කීපයකට පෙර නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.

හෙට්‌ටිගේ මහතා නැවත ජර්මනිය බලා පිටත්ව යාමට පෙර ඉල්ලා අස්‌වීමේ ලිපිය ව්‍යවස්‌ථාදායක සභාවට භාරදුන් බව ආරියදාස කුරේ මහතා වැඩිදුරටත් පැවැසීය.