රතන හිමි හා විදුර වෙනස් තීන්දුවකට සැරැසෙති

ආණ්ඩු පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනෙක් ඉදිරි සති කිහිපයේදී දේශපාලන තීන්දු ගැනීමට යති. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක, ලබන 23දාට හොරණ ආසන බල මණ්ඩලය කැඳවා ඇති අතර, එහිදී තමා විසින් ගනු ලබන දේශපාලන තීන්දුව පිළිබඳ පාක්ෂිකයන් දැනුවත් කර ඔවුන්ගේ අදහස් විමසීමට අපේක්ෂා කරන බව පැවසේ.

මේ අතර තමන් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.මින් ඉදිරියට කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවන බවත්, කිසිදු දේශපාලන පක්ෂයක් සකස් නොකරන බවද උන්වහන්සේ අවධාරණය කළහ.

එහෙත් ආණ්ඩුව යහමගට ගැනීම සඳහා ජාතික බලවේගයක් ගොඩනගන බවද උන් වහන්සේ අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අවධාරණය කළහ.