මුත්‍රා ගල්ද? මෙන්න නොවරදින පිළියම්

මුත්‍රාගල් ඇතිවීම සහ පිත්තාශය ආශ්‍රිතව ගල් ඇතිවීම වර්තමානයේ ජනතාව අතර ඉතා සුලබ රෝගී තත්ත්වයක්‌ බවට පත්ව ඇත. එසේ වුවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් ඒ සඳහා ඉදිරිපත් කර ඇති අති සාර්ථක ප්‍රතිකාර නිසා බොහෝ රෝගීන් එම ප්‍රතිකාර ක්‍රමවලට යොමුවීමෙන් තම රෝගී තත්ත්වයන් නිරෝගී කර ගැනීමට සමත්ව ඇත. ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවල පවතින විස්‌මිත බව සහ මුත්‍රාගල් මෙන්ම පිත්තාශය ආශ්‍රිතව හටගන්නා ගල් පිළිබඳවද විද්‍යානුකූලව දැනුමක්‌ අවබෝධයක්‌ ලබාගැනීම ඉතා වැදගත්ය. ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා සමග කළ පිළිසඳර මෙසේ පළ කරන්නෙමු.

මිනිසාගේ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්ව ගණනාවක්‌ වර්තමානය වන විට දැක ගැනීමට හැකි අතර මුත්‍රා දැවිල්ල, මුත්‍රා මාර්ගයෙන් රුධිරය පිටවීම, මුත්‍රාශය ආශ්‍රිත ප්‍රදේශවල ඇති වන දැඩි වේදනාව මෙන්ම මුත්‍රාගල්ද ඒ අතර ප්‍රධාන තැනක්‌ හිමිකර ගනු ඇත. ආයුර්වේදයට අනුව මෙසේ හටගන්නා ගල් මුත්‍රා අශ්වරී ලෙස හඳුන්වනු ලබන අතර මීට අමතරව ශුක්‍ර අශ්වරී ලෙස ශුක්‍රාණු ඝනවීමෙන් ඇතිවන රෝග තත්ත්ව මෙන්ම පිත්තාශය ආශ්‍රිතව ඇතිවන ගල් පිත්ත අශ්වරී ලෙසින්ද හඳුන්වනු ලැබේ.

මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව මෙවැනි ගල් ඇතිවීමට බලපාන හේතු පිළිබඳව දැනුවත් කළොත්,

අධික වශයෙන් මාංශ ආහාරයට ගැනීම මේ සඳහා බලපාන ප්‍රධාන හේතුවක්‌ වශයෙන් හඳුන්වා දිය හැකි අතර හරක්‌ මස්‌ අනුභවය මේ සඳහා ප්‍රධානවම බලපානු ඇත. තවද උෂ්ණාධික ආහාර ගැනීම, අධික දහදිය පිටවන ක්‍රියාකාරකම් සිදු කිරීමේදී ප්‍රමාණවත් තරමට ජලය පානය නොකිරීමද මෙම රෝගී තත්ත්වය ඇතිවීම හේතු වනු ඇත. මුත්‍රා සහ ශුක්‍ර වේග ධාරණයත් මෙම රෝගී තත්ත්වයට බලපාන තවත් හේතුවක්‌ ලෙස දැක්‌විය හැකිය.

මෙම රෝගී තත්ත්වය ඇතිවීමේදී රෝගියා මුහුණ දෙන අපහසුතා ගැන සඳහන් කළොත්,

මුත්‍රා ගල් ඇති වූ විට මුත්‍රා පිටකිරීම ඉතාම අපහසු තත්ත්වයට පත් වන්නේය. අධික වේදනාව ඇතිවීම මෙන්ම එම වේදනාව තුනටිය ප්‍රදේශයෙන් පටන්ගෙන කළවා සහ ඉකිලි ප්‍රදේශය දක්‌වා ගමන් කරන වේදනාවක්‌ බවට පත් වන්නේය.

ගල් හටගැනීමේ වැඩි ප්‍රවණතාවක්‌ පිරිමි පාර්ශ්වයට ඇති අතර ඔවුන්ගේ අණ්‌ඩ කෝෂ එල්ලා වැටීම තුනටිය ප්‍රදේශයේ එක්‌ පැත්තක දැඩි වේදනාවක්‌ ඇතිවීමද සිදුවන්නේය. බඩ දැවිල්ල නිතර උගුරට ඒම. කලවාවල සිට පාදවල පහළ ප්‍රදේශ දක්‌වා හිරිවැටීමේ ස්‌වභාවයක්‌ ඇතිවීමද සිදුවිය හැකි අතර ඒවා මෞත්‍ර ලිංගික පද්ධතියෙන් පිටතට වේදනාවල් විහිදෙන තත්ත්වයන් ලෙසද හැඳින්විය හැකිය.

මීට අමතරව මුත්‍රා පිටකිරීම ආශ්‍රිතවද රෝග ලක්‌ෂණ ඇතිවිය හැකිය. එහිදී තද කහ පැහැයෙන් මුත්‍ර පිටවීම හෝ මුත්‍රා සමග රුධිරය පිටවීම දැකගත හැකිය. කෑම ගැනීමේ අපහසුතාව ශරීරය වෙව්ලන ස්‌වභාවයකට පත්වීමද දැක ගත හැකිය. තවද ශුක්‍රනාළ අවහිර වීමෙන් විවිධ පීඩාවන් ඇති කරනු ලැබේ. ශුක්‍රාණු ඝනවීම නිසා ඇතිවන ස්‌ථටික ශුක්‍ර නාළවල සිරවී ශුක්‍රාණු පිටවීමේ අපහසුතා ඇතිවීමෙන් මෞත්‍ර ලිංගික පද්ධතිය පීඩාවට පත්කරයි. තවද රෝගීන්ගේ මුත්‍රා මාර්ගය හරහා ගල් පිටවීමද සිදුවිය හැකිය.

මුත්‍රා මාර්ගය හරහා ගල් පිටවීමේදී ඇතිවන අපහසුතා ගැන සඳහන් කළොත්,

මෙසේ පිටවන ගල්වල තියුණු බව නිසා මුත්‍රා මාර්ගය සීරීම්වලට ලක්‌වීමට ඉඩ තිබේ. මෙය ඉතා අධික වේදනාවක්‌ ඇතිවන අවස්‌ථාවක්‌ වන්නේය. මෙසේ මුත්‍රා මාර්ගය තුවාල වීම නිසා ඇතැමුන්ට මුත්‍රා සමග රුධිරය පිටවීමක්‌ද වන්නේය. ඊට අමතරව මුත්‍රා මාර්ගය ඉදිමීම මෙන්ම ලිංගය ආශ්‍රිතව දැඩි වේදනාවක්‌ ඇතිවීමද සිදුවන්නේය. ඇතැමුන්ට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවක්‌ ඇති වුවත් මුත්‍රා පිට නොවීම මෙන්ම ස්‌වල්ප වශයෙන් පිටවීමද බොහෝ දුරට දැකගත හැකි වේ.

පිත්තාශයේ ඇතිවන ගල් පිළිබඳව පැහැදිලි කළොත්,

මෙහිදී උදරයේ දකුණු පැත්තේ ඇතිවන වේදනාවන් පිටකොන්ද ප්‍රදේශය දක්‌වා පැතිරීමක්‌ සිදුවේ. එවැනි රෝගීන්ට තුනටිය ප්‍රදේශය ආශ්‍රිතව කැක්‌කුමක්‌ ඇති නොවේ. මෙම රෝගී තත්ත්වය වැඩිපුර දකින්න ලැබෙන්නේ කාන්තාවන් අතරය. ඇතැම් විට පිත්තාශය තුළ හටගන්නා මෙම ගල් පිත්තනාළය ඔස්‌සේ පහළ බඩවැල දක්‌වා ගමන් කරනු ලැබේ. ඇතැම් විට එලෙස පැමිණෙන ගල් අවහිර වුවහොත් රෝගියාට විවිධාකාර පීඩාකාරී තත්ත්වයන්වලට මුහුණ දීමට සිදුවේ. ශරීරය සීත කිරීම, වමනය, වෙව්ලීම පිත උගුරට පැමිණීම වැනි පීඩාවන් ඇතිවිය හැකිය.

මෙලෙස පිත්තාශයේ ගල් ඇතිවීමට හේතු වන්නේ.

ආහාර ජීර්ණයේදී සිදුවන විෂමතාවන් හා වැරදි ආහාර ක්‍රම පිත්තාශයේ ගල් ඇතිවීමට මූලිකම හේතු ලෙස හැඳින්විය හැකියි. විශේෂයෙන්ම විරුද්ධ ආහාර ගැනීමෙන් මේ තත්ත්වය උග්‍ර අතට පත්වේ. තවද එම වැරදි ආහාර ගැනීමෙන් ඇතිවන රසායනික සංයෝගයන්ගේ ප්‍රතිඵලයක්‌ ලෙස හටගන්නා ඔක්‌සලේට්‌ පදාර්ථ මේ සඳහා දැඩි බලපෑම් සිදුකරයි. උදාහරණ ලෙස තක්‌කාලි සමග හාල්මැස්‌සන් ආහාරයට ගැනීමෙන් ඔක්‌සලේට්‌ පදාර්ථ ඇති වීම සිදුවෙයි.

මෙවැනි රෝග සඳහා ඇති ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම මොනවාද?

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව නැවත මෙම ගල් ඇතිවීමට හේතුවක්‌ වන්නේ ආහාර ජීර්ණයේදී ඇති වන යම් යම් දුර්වලතාවන්ය. එම දුර්වලතාවන් බැහැර කර ඉතා හොඳින් ආහාර ජීර්ණය පහසුවන පරිදි ජීර්ණ පද්ධතිය සකස්‌ කිරීම ආයුර්වේද ප්‍රතිකාර මගින් සිදු කළ හැකිය. එවැනි වෛද්‍ය ක්‍රමයක්‌ භාවිත කිරීමෙන් නැවත මුත්‍රා ගල් ඇතිවීම මෙන්ම අතුරු ආබාධ ඇතිවීමද සිදු නොවේ. වකුගඩු ඉතා හොඳින් මුත්‍රා පෙරීමේ කටයුතු මෙන්ම පිත්තාශයේ පවතින සියලු අක්‍රමිකතාද දුරු වී යනු ලැබේ.

වර්තමානයේ සමාජයේ බුද්ධිමත් විමර්ශනශීලී සියල්ලන්ම පාහේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ඉතා විශ්වාසයෙන් යුතුව සිටියද මෙම වෛද්‍ය ක්‍රමයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා කපා කොටා සකසා ගෙන කෂාය තැම්බීම සහ වෙනත් ඖෂධ පිලියෙළ කර ගැනීම නිසියාකාරයෙන් සිදුකර ගැනීමට අපහසුවීම නිසා මෙම විශිෂ්ට වූ වෛද්‍ය ක්‍රමයට අවතීර්ණ නොවේ. නමුත් ඕනෑම පුද්ගලයකුට ඉතා පහසුවෙන් ලබාගත හැකි ලෙස අප කසාය, ගුලි, කල්ක වර්ග, චූර්ණ නිෂ්පාදනය කර ඇති නිසා දැන් කිසිම අපහසුවකින් තොරව ආයුර්වේදය කෙරෙහි යොමුවීමෙන් රෝගී ජනතාවට තම රෝග නිරෝග කර ගැනීමට හැකියාව පවතින බවද අප සඳහන් කරන්න කැමැතියි.