කාවිංගගෙත් කසාදෙ හරි

කසාද නොබැඳ, නංගිවත් බලාගෙන ඉන්නවා කියලා ටෝක්ස් දීලා තැන් තැන්වල නිදහසේ වෝක් දාපු කාවිංග ඔන්න විවාහ වෙන්න තීරණය කරලා.

කාවිංග කියන විදියට දැන් එයාගෙ නංගිටත් හොඳ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් මීට් වෙච්ච නිසා එයා දැන් ටිකක් නිදහස්ලු. ඒ නිසා එයාටත් හිතුණලු කසාදයක් බැඳගෙන පිළිවෙළක් වෙන්න.කාවිංග හැබැයි ඔය කොච්චර කතා කිව්වත් කාවද බඳින්න යන්නෙ කියල නම් තාම හෙළි කරලා නෑ.

ඒත් ඉතින් එයා බඳින්න යන්නෙ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් කියන එක නම් ෂුවර්.

එක්කො කාවිංග එහෙම තෝරා ගැනීමක් කරපු එකත් හොඳයි. නැත්නං ඉතින් බඩුම තමා.... කියන්න බෑනේ.....