පියංකර විපක්ෂයේ අසුන් ගනී

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ පියංකර ජයරත්න මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගත්තේය.

පාර්ලිමේන්තුව ආරම්භ වී සුළු මොහොතකින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්‍පොළසන් හඬ මධ්‍යයේ පියංකර ජයරත්න මහතා විපක්ෂයේ අසුන් ගැනීම සිදු විය.

පියංකර ජයරත්න මහතාට අසුන් පනවා තිබුනේ ඒකාබද්ධ විපක්ෂයේ දෙවැනි පෙළ අසුන් පේළියේය.

ජයරත්න මන්ත්‍රීවරයා අසුන් ගැනීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිස පැමිණ ඔහුට සුබ පතන්නට වූහ.