ටොයොටා සමාගමෙන් ලංකාවට අඩුම මිළට වාහනයක්

ශ්‍රී ලංකාව තුළ පළමු වරට 1000cc කාණ්ඩයේ ටොයොටා රථයක් හඳුන්වා දී තිබෙනවා.මෙම රථය ‘wigo” නම් වනවා.
මෙරට සාමාන්‍ය ජනතාවගේ නිවසේ පාවිච්චිය සහ තරුණ විධායක නිලධාරීන්ගේ අවශ්‍යතා සඳහා මෙම රථය හඳුන්වා දී තිබෙනවා.

ඉතා පහසු මිලකට මෙය වෙළඳපොළට නිකුත් කර ඇති අතර සුවපහසු මෙන්ම පහසු මිළට ලබාගත හැකිමෙම කාණ්ඩයේ රථ සඳහා මෙරට වෙළඳපොළ තුළවිශාල ඉල්ලූමක් පවතින බවයි ටොයොටා ලංකා (පුද්.)සමාගම පවසන්නේ.

වත්තල,රත්මලාන,කුරුණෑගල සහ රත්මලාන ප්‍රදර්ශනාගාරවලින් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි වනවා.

‘wigo රථයේ ඇති විශේෂතා පහතින් කියවිය හැකියි.