වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ ඇත්ත මෙන්න

ඊයේ කුලියාපිටියේදී ඉදිකිරීම අරඹන්නට යෙදුණු වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ජර්මනියේ වොක්ස්වැගන් සමාගමේ නිෂ්පාදන මෙරටදී එකලස් කිරීමක් සිදුවේද යන්න ගැන මුල සිට සැක මුසු පුවත් මැවී තිබුණ අතර අද සිරස නිවුස් ෆර්ස්ට් මේ ගැන තහවුරු කිරීම සඳහා ජර්මනියේ වොක්ස්වැගන් සමාගමේ ආයතනික සන්නිවේදන අංශයේ කැතරින් හොමන් මහත්මිය විමසා තිබේ. ඇය පවසා ඇත්තේ සිය සන්නාමය යටතේ මෙරට ආයෝජනයක් සිදු කර නැති බවකි.

ඊට ප්‍රථම අගමැති රනිල්ගෙන් පාර්ලිමේන්තුවේදී මෙම සැකය ගැන මන්ත්‍රීවරයෙකු කළ ප්‍රශ්න විමසීමකදී අගමැතිවරයා කෙටියෙන් දන්වා තිබුනේ ජර්මනියේ ‘වොක්ස් වැගන්‘ සභාපතිවරයා ලංකාවේ ආයෝජනයට කැමැත්ත දී ඇති නමුත් එක්වරම පැමිණෙන්නේ නැති බවත් සෙනොක් සමාගමට මුලින් ආයෝජනය කරන්නට කියා පසුව ඔවුන්ගේ නිෂ්පාදන සමග එක්වන කතාවකි.

කෙසේ වෙතත් මේ දක්වා ලංකාව සමග ජර්මානු වොක්ස්වැගන් සමාගම කිසිදු සබඳතාවයක් පවත්වා නැති බව ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලය තහවුරු කළ බව මාධ්‍යවේදිනී නමිනි විජේදාස සිය ට්විටර් පණිවිඩයකින් දන්වා ඇත.

ඒ අනුව මෙම වොක්ස් වැගන් සමාගම සහ ලංකාව අතර සම්බන්ධය ප්‍රලාපයක් බවට සැකයක් මතුව තිබේ.
ලංකාවේ සෙනොක් සමාගම වොක්ස්වැගන් ලංකාවට ගෙන්වන නියෝජිතයාවී සිටියදී ඔවුන් මෙවැනි කම්හලක් ඇරඹීම නිසා මුලදී ජර්මානු සම්බන්ධය ගැන ඉඟියක් සපයා තිබූ නමුත් මේ ගැන කතාකරන එකදු ජර්මානුවෙකු හෝ සොයාගන්නට නොවන තත්වයක් තුළ හුදෙක් මැතිවරණ පොරොන්දුව ඉටු කරන්නට වොක්ස්වැගන් ඩබ්ලිව් වී අකුරු වලට හුරුව ඇති ‘අනුකාරක කම්හලක්‘ කුලියාපිටියේ පිහිටුවන්නට යන බවට සැක මතුව තිබේ.

ලංකාවේ නම අභ්‍යවකාශයට යොමු කළ බව කියූ චීන සැටලයිට් කතාවට හා සමාන කතාවක් මෙතැනත් සිද්ධවී ඇති බවට ඒ අනුව සැක මතුව තිබේ.

සිරස නිවුස්ෆර්ස්ට් මේ ගැන අද ප්‍රචාරය කළ පුවත පහතින්